top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Rig - Season 1 - සිංහල උපසිරැසි


මහ මුහුද මැද තියෙන තෙල් ලිඳවල් ගැන අහලා තියෙනවාද? මේවා ගැඹුරු මුහුදේ තෙල් තියෙන තැන් හොයාගෙන ගිහින් ඒ තැන් වල මූලික පරීක්ෂණ වලින් තෙල් තියෙන බවට තහවුරු කරගෙන, ඊටපස්සේ තාවකාලික ඉදිකිරීමක් විදියට හදන තැන්.


ගොඩාක් වෙලාවට, මේ පර්යන්ත කොටස් දෙකකින් යුක්ත වෙනවා. නිෂ්පාදන අංශය සහ පාලන අංශය. නිෂ්පාදන අංශයේ තමයි සියළුම තෙල් ලිඳ හා සම්බන්ධ ක්‍රියාවලි සිදුවන්නේ. තෙල් කැනීම් සහ කනින ලද තෙල් භාවිතයට ගැනීමට සූදානම් කිරීම ‍සිදුවෙන්නේ මේ කොටසේ. අනිත් පර්යන්තය, ඒ කියන්නේ පාලන අංශයේ තමයි සියළුම පරිපාලන කටයුතු සිදුකරන්නේ. ඒ වගේම, කාර්ය මණ්ඩලය ජීවත්වෙන්නේ, තමන්ගේ එදිනෙදා කටයුතු සිදුකරන්නේ මේ‍ කොටසේදී.


මේ වගේ ගොඩබිමෙන් දුරස්ථ තෙල් ලිඳවල් වල වැඩ කරන එක හරිම ආමාරු කාර්යයක්. වටපිටාවේ තියෙන්නේ මුහුද විතරයි. ගොඩබිමට යන්න ලැබෙන්නේ, මාස කීපයකට වරක්, සේවා මුර ක්‍රමයට. ඒ නිසා හරිම ආතතියකින් තමයි මේ හැමෝම ජීවත්වෙන්නේ. ඒ නිසා, කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියළුම දේ මේ පර්යන්ත වල තියෙනවා. ඒ වගේම, කාර්ය මණ්ඩලයට අනවශ්‍ය ආතතියක් ඇති‍නොවෙන විදියට සේවා මුර යෙදවීමකුත් සිද්ධ වෙනවා.


මේ කතාව ගැන කියන්න කලින්, මේ තෙල් ලිඳවල් ගැන විස්තරය කිව්වේ, මේ දේවල් අපේ රටට ආගන්තුක නිසා. අපේ ‍රටේ මේවා දකින්න ලැබෙන්නේ නෑනේ. මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙත්, ස්කොට්ලන්තය ආසන්න ගැඹුරු මුහුදේ තියෙන තෙල් ලිඳක් සම්බන්ධයෙන්. ඒ වගේම, අද්භූත දේවල් මේ වගේ ස්ථාන අවට සිදුවෙනවා කියන කතාව, මේ නිර්මාණයට පාදක කරගෙන තියෙනවා.


කොටස් හයකින් යුක්ත මේ පළවෙනි කතා මාලාව නරඹන්න මුලින්ම. ඊටපස්සේ, දෙවෙනි කතා මාලාවට අයත් වෙන, ඊළඟ කොටස් හයටත් උපසිරැසි අරගෙන එන්නම්. 2023 අවුරුද්දේ පළවෙනි කොටස නිකුත් කෙරුණ මේ රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයත් මේ වෙනකොටත් නිකුත් වෙලා තියෙන්නේ.


මේ රූපවාහිණී කතා මාලාව Supernatural thriller සහ Drama යන වර්ගයේ එකක්. ඒ නිසා ටිකක් වෙනස් විදියේ අත්දැකීමක් අරගන්න පුළුවන්. David Macpherson ගේ නිර්මාණයක් වෙන මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ John Strickland සහ Alex Holmes. රඟපෑමෙන් දායක වුනා Emily Hampshire (රෝස්), Iain Glen (මැග්නස්), Martin Compston (ෆුල්මර්), Owen Teale (හටන්), Rochenda Sandall (කැට්) ඇතුළු පිරිසක්.


තව දෙයක්. මේ කතාව තනිකරම තෙල් ලිඳක් හා සම්බන්ධයි. ඒ කර්මාන්තයේ සිදුවෙන දේවල් තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඒ හා සම්බන්ධ කතාබහ, වචන තමයි වැඩිපුරම තියෙන්නේ. ඒවාට සිංහල වචන හොයාගන්න සහ අපිට තේරුම් යන විදියට, අපිට ගෝචර වචන හොයාගන්න ටිකක් අපහසු වුනා. ඒත් මම පුළුවන් විදියට ඒවා තේරුම් යන විදියට මේක ලියන්න උත්සාහ කලා. බලන ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ මේක කොච්චර සාර්ථකද කියලා. දෙවෙනි කතා මාලාවත් මේ විදියටම කරන්නේ ඔයාලාගේ අදහස් උදහස් මත.


වැඩි කතාවක් නැතුව අපි මේ රූපවාහිනි කතා මාලාව රස විඳිමු. මම හිතනවා මේ සිංහල උපසිරැසි ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.


කතා මාලාව ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Kommentare


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page