top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Man vs Bee (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Rowan Atkinson නම කියනකොටම මතක් වෙන්නේ Mr. Bean ව. ඒ ප්‍රහසන නාට්‍ය මාලාව නොබලපු කෙනෙක් හොයාගන්න නැති තරම්. එයාගේ අනිත් චිත්‍රපටත් එහෙමමයි. මේ උපසිරැසිය අරගෙන ආවේ, Rowan Atkinson රඟපාන අළුත්ම television miniseries එකක. Netflix හරහා බෙදාහැරුණු මේ කතා මාලාව ඉතා කෙටි කොටස් නමයකින් සමන්විත එකක්.


ජනප්‍රියත්වය කොහොමත් ලැබෙනවානේ Rowan Atkinson ගේ ඒවාට. මේ ලිපිය ලියනකොට මේ නාට්‍ය මාලාවට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බේ IMDB 6.9, RottenTomatoes 63%, Google Users 92% වගේ ප්‍රමාණයක්.


Rowan Atkinson සහ William Davies විසින් නිර්මාණය කරපු මේ කතාව අධ්‍යක්‍ෂණය කලේ David Kerr විසින්. ගොඩාක් ප්‍රහසන නිර්මාණ කරලා පලපුරුදු අධ්‍යක්‍ෂකවරයෙක් ඔහු. ලොකු චරිත ප්‍රමාණයක් නැති වුනත්, සමහර අය පොඩි වෙලාවකට විතරක් රඟපාන්න වුනා. ප්‍රධාන වශයෙන් රඟපෑමෙන් දායක වෙන්නේ Rowan Atkinson (ට්‍රෙවර් බින්ග්ලි), Jing Lusi (නීනා), Julian Rhind-Tutt (ක්‍රිස්ටියන්), Tom Basden (පොලිස් නිළධාරියා) සහ India Fowler (මැඩී) ඇතුළු පිරිසක්.


කතාව ඉතා කෙටියි. ට්‍රෙවර් රස්සාවක් හොයාගෙන යනකොට ලැබෙනවා, නිවසක් රැකබලාගන්න, එහි හිමියන් නිවාඩුවකට යන අතරේ. මේ නිවස ඉතා සුඛෝපභෝගී නිවසක්. නවීන ආම්පන්න වගේම වටිනා කලා කෘති වලින් පිරුණු නිවසක්. මේ නිවස රැක බලාගන්න ට්‍රෙවර් යන අතරේ, තවත් කෙනෙක් නිවසට ඇතුල් වෙනවා. මේ ආගන්තුකයා සහ ට්‍රෙවර් අතර සිදුවන සිද්ධි දාමය තමයි මේකේ තියෙන්නේ. එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් නාට්‍ය මාලාවක්. ඉතිං, මේ සිංහල උපසිරැසියත් එක්ක, නාට්‍යය බලලා රසවිඳින්න ආරාධනා!


නාට්‍ය මාලාව ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



සිංහල උපසිරැසි සමඟ නාට්‍යය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page