top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Baymax! (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Baymax (2022) කියන්නේ තවත් Netflix ආයතනය විසින් බෙදාහැරුණු ලස්සන animated television mini sieries එකක්. මීට කලින්, මේ තේමාව යටතේ චිත්‍රපටියක් නිපදවලා තියෙනවා 2014 දී. ඒ Big Hero 6 නමින්. ඊටපස්සේ, රූපවාහිණි කතා මාලාවක් නිකුත් වුණා Big Hero 6: The Series කියලා 2017-2021 අතර කාලයේදී. මේ කතා මාලාව නිකුත් කෙරෙන්නේ 2022 අවුරුද්දේ ඒ සියල්ලටම පස්සේ. එක කොටසක් විනාඩි 12කට වගේ සීමා වෙච්ච පොඩි කතා මාලාවක් තමයි මේ.


රූපවාහිණි කතා මාලාවට ලැබුණු ප්‍රතිචාරත් ඉතා හොඳයි. මේ ලිපිය ලියන මොහොතේදී, විවිධ වෙබ් අඩවි වලට, ප්‍රේක්‍ෂකයන් ලබා දීලා තිබුණු මනාප මේ වගේ. IMDB 6.7, RottenTomatoes 100%, Google Users 73%. මේක Walt Disney Animation Studios විසින් නිෂ්පාදනය කරපු පළවෙනි රූපවාහිනි කතා මාලාව වීමත් විශේෂ සිදුවීමක්.


Walt Disney Animation Studios අයගේම Big Hero 6 චිත්‍රපටිය පාදක කරගෙන නිර්මාණය වෙච්ච මේ කතා මාලාව, අධ්‍යක්‍ෂණය කලේ Don Hall විසින්. තම කටහඬින් දායක වෙනවා Scott Adsit (බේමැක්ස්), Ryan Potter (හීරෝ), Maya Rudolph (කෑස් නැන්දා), Emily Kuroda (කිකෝ) ඇතුලු පිරිසක්.


කතාව කෙටියෙන් කියන්නම්. බේමැක්ස් කියන්නේ හදිසි සෞඛ්‍ය සත්කාර ලබා දෙන්න පුහුණුව ලබපු රොබෝ කෙනෙක්. කවුරුන් හෝ අමාරුවෙන් උදව් ඉල්ලා කෑ ගසනවා නම්, මේ රොබෝ එතනට එන්න තමයි වැඩසටහන් කරලා තියෙන්නේ. ඉතිං, මේ බේමැක්ස්ගේ උදව් ලබාගන්න අය ගැන තමයි කතා මාලාව දිවෙන්නේ. කොටස් හය පුරාවටම හය දෙනෙක් බේමැක්ස්ගේ උදව් උපකාර ලබාගන්නවා. මේ අය කවුද? කොහොම උපකාරද ලබා දෙන්නේ කියලා දැනගන්න මේ කතා මාලාව රසවිඳින්න!


හැම කතා මාලාවකම අවසානයේ පොඩි කොටසක් තියෙනවා. නම් දාන්න පටන් ගත්තා කියලා, ඒක මඟහැර ගන්න එපා. ජයවේවා!!


කතාමාලාව ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Комментарии


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page