top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Black Phone 2 (2025) සිංහල උපසිරැසි


ෆින් බ්ලේක්ට දැන් අවුරුදු 17යි. එයාව පැහැරගෙන ගියපු කෙනාව මරලා බේරිලා ආවත්, තාමත් ඒ් කම්පනය දරාගන්න අමාරුවෙන් ඉන්නේ. ඒ අතරේ එයාගේ සහෝදරිය ග්වෙන්ට හීනෙන් පේන්න ගන්නවා ෆින් කතා කරපු ඒ කලු දුරකතනයෙන් ඇමතුම් එනවා. ඒ වගේම දරුණු හීනත් පේන්න ගන්නවා. මේ හීන වලින් වැඩිපුරම පේන්නේ ළමයි තුන්දෙනෙක්ව ශිත කඳුකරයේ තියෙන කඳුකර කඳවුරක (ඇල්පයින් ලේක් තරුණ කඳවුරේ) හිර කරගෙන ඉන්න විදිය. දැන්, ග්වේන්ගේ මේ හීනය ඇත්තක්ද? ඇත්තටම මේ ළමයි තුන්දෙනා කවුද? ඒයාලාව කොහෙද රඳවගෙන ඉන්නේ? කවුද? බේරගන්න පුලුවන්ද?


මේ චිත්‍රපටිය The Black Phone දෙවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. පළවෙනි කතාව වගේම, මේකත් Joe Hill විසින් රචනා කරපු The Black Phone නවකතාව හා සම්බන්ධයි. මෙවරත් රඟපෑමෙන් දායක වෙනවා Mason Thames (ෆිනී), Madeleine McGraw (ග්වෙන්), Damian Bichir (අර්මන්ඩෝ), Ethan Hawke (පැහැරගන්නා) අතුලු පිරිසක්.


Web ratings ගැනත් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙන‌කොට IMDb 6.1, Rotten Tomatoes 71%, LetterBoxed 3.1, Google Users 78% චිත්‍රපටියට තම කැමැත්ත ප්‍රකාශ කරලා. තව කියන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටි මාලාවක දෙවෙනි චිත්‍රපටියට වැඩි ප්‍රේක්ෂක අවධානයක් ලැබෙන්නේ නෑ. හැබැයි, මේ චිත්‍රපටියේ ඇස්තමේන්තු වියදම ඩොලර් මිලියන 30ක් වෙනකොට, මේ වන විට ලබාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 132කට වැඩි වෙලා තියෙනවා.ඒ් වගේම පළවෙනි සතියෙන්ම, චිත්‍රපටියේ වියදම හොයාගන්නත් සමත් වෙලා තියෙනවා.


එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටිය රසවිඳිමු. ජයවේවා!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page