top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

28 Years Later (2025) සිංහල උපසිරැසිය

අද මම අරගෙන ආවේ, පූර්ව ප්‍රචාරක පට යන්න පටන් ගත්ත කාලේ ඉඳලාම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන. මේක තමයි 28 Years Later (2025) චිත්‍රපටිය. ගොඩාක් අය බලල ඇති මේකේ පළවෙනි චිත්‍රපටි තුන. පළවෙනි එක තමයි 28 Days Later (2002) චිත්‍රපටිය. සොම්බිලා ඇතිවෙන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒකේ. ඊළඟ එක 28 Weeks Later (2007) චිත්‍රපටිය. හැමතැනම වෛරසය පැතිරිලා, මිනිස් ජීවිතය මොන වගේද කියලා ඒකේ පෙන්නුවා. දැන්, 28 Years Later (2025), සිද්ධිය වෙලා අවුරුදු 28කට පස්සේ මේ සොම්බීලාට මොකද වෙලා තියෙන්නේ, මිනිස් සාමාන්‍ය ජීවිතය මොන වගේද කියලා කතා කරනවා.


අමතක නොකර කියන්න දෙයක් තියෙනවා. මේ චිත්‍රපටිය සොම්බී කතාවක්. මරණ ඒවා, ලේ වගුරුවන ඒවා ඇතිවෙන්න තියෙනවා. අනික, හැම සොම්බී කෙනෙක්ම ඇඳුම් ඇඳගෙන ඉන්නේ නෑනේ. ඒ නිසා නිතරම නිරුවත් සොම්බිලා පේන්න ඉන්නවා. ළමයෙක් ලැබෙන දර්ශණයක් පවා. ඒ නිසා, මේවාට අකමැති කවුරුහරි ඉන්නවා නම්, නොබලා ඉන්න තමයි වෙන්නේ.


සොම්බී වෛරස දිගින් දිගටම පැතිරීම වළක්වා ගැනීම සඳහා, සමහර දූපත්, රටවල් නිරෝධානයට කරලා තියෙන්නේ. මේ කතාවත් ඒ වගේ නිරෝධායනය කරපු පැත්තක ජීවත් වෙන, ආසාධනය නොවූ මිනිස්සු ගැන කතාවක්. වෙනම දූපත ජීවත් වෙන නිසා, වෛරසය ආසාධනය නොවී තියෙනවා. දූපතට යන්න එන්න තියෙන්නේ එකම පාරයි, ඒකත් දියමංකඩක්. වතුර වැඩිවෙනකොට යන්න බෑ. ඒ නිසා, මෙයාලා ඉතා ආරක්ෂිතව ජීවත්වෙන්නේ. හැබැයි, දූපතේ චාරිත්‍රයක් තියෙනවා, පිරිමි දරුවෙක් වැඩිවියට පත්වෙනකොට, තමන්ගේ තාත්තා එක්ක ප්‍රධාන ගොඩබිමට, ආසාධිතයෝ ඉන්න පැත්තට යනවා. ගිහින්, එයාලාව අඳුරගන්න, එයාලාගෙන් බේරෙන විදිය, එයාලාගේ දුර්වලකම් පුතාට උගන්වනවා. අපේ ප්‍රධාන චරිතය, ස්පයික්, ප්‍රධාන ගොඩබිමට මුලින්ම යන්නේ එහෙමයි. ඉතිං, මෙයාගේ ඉදිරි ජීවිතය ගැන බලන්න මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා.


Danny Boyle විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. කලින් චිත්‍රපටි දෙකත් මෙයාගේම වැඩක්. මේ කතාව ලියලා තියෙන්නේ Alex Garland. එයා තමයි මුල ඉඳලාම මේ කතාව ගොඩ නගාගෙන ආවේ. Sony Pictures Releasing විසින් ලොව පුරා බෙදාහරින්න බාරගෙන තියෙන චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Columbia Pictures ඇතුලු කණ්ඩායමක් විසින්. රඟපෑමෙන් දායක වෙනවා Alfie Williams (ස්පයික්), Jodie Comer (අයිලා), Aaron Taylor-Johnson (ජේමී), Ralph Fiennes (දොස්තර) ඇතුලු කණ්ඩාමක්.


මේ චිත්‍රපටිය ඉතා හොඳින් ප්‍රේක්ෂක ප්‍රතිචාර අරගෙන තියෙනවා. මේ ලිපිය ලියන වෙලාවේ IMDb 6.8, Rotten Tomatoes 88%, Google Users 66%, LetterBoxd 3 වගේ අරගෙන තිබ්බා. හොඳ රේටිං ලැබෙනවා මේකට.


චිත්‍රපටිය ගැන මගේ පුද්ගලික මතය, පළවෙනි කොටස් දෙකට අමතරව අමුතු දෙයක් දෙන්න මේ පාර හැකිවෙලා නෑ වගේ. සාමාන්‍ය සොම්බී කතාවකට වඩා දෙයක් තියෙනවා තමයි, ඒත් මීට වඩා කතාව ගොඩ නගන්න තිබ්බා කියලා මගේ හැඟීම. ඒත් ඉතිං, චිත්‍රපටිය හොඳයි. බලන්න පුලුවන් දිගටම.


එහෙනම් හැමෝටම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න ආරාධනා කරනවා! ජයවේවා!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page