top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Black Phone (2021) සිංහල උපසිරැසි


ෆිනේ බ්ලේක් කියන්නේ අවුරුදු 13ක පිරිමි ළමයෙක්. එයා ඉන්න පලාතේ කුඩා දරුවන් පැහැරගෙන යන කෙනෙක් ගැන වාර්ථා වෙනවා. මේ වෙනකොට ඒ පැහැරගන්නා දරුවන් පස් දෙනෙක් අතුරුදහන් කරලා. පාසැල් ගොස් නිවසට යන අතරමගදී, ෆිනේ වත් පැහැරගන්නවා. එයාව රඳවා තබා ගන්නේ ශබ්ධය පිටතට නොයන විදියට නිර්මාණය කරලා තියෙන කාමරයක් ඇතුලේ. මේ කාමරයේ හිරවෙලා ඉන්න අතරවාරයේදී, එයාගේ උදව්වට ඉන්නේ දුරකතනයක්. විශේෂත්වය තමයි, මේ දුරකතනය විසන්ධි කරපු එකක්. ඉතිං, මේ විසන්ධි කරපු දුරකතනය උදව්වෙන් ෆින්ට මේකෙන් ගැලවෙන්න පුලුවන්ද? නැත්නම් ෆින්ටත් අනිත් ළමයින්ට අත්වුණු ඉරණමම අත්වෙයිද?


මේ කිව්වේ 2021 අවුරුද්දේ නිකුත් කෙරුනු The Black Phone චිත්‍රපටියේ කතාව. ටිකක් පරණ වුනත්, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න හිතුණු හේතු දෙකක් තියෙනවා. එක: මේ චිත්‍රපටියේ දෙවෙනි කොටස 2025 අවුරුද්දේ නිකුත් කෙරුනා. ඒකටත් උපසිරැසි අරගෙන එනවා. දෙක: මේ චිත්‍රපටියට තියෙන සිංහල උපසිරැසිය වැරදි ගොඩක් තියෙනවා. ඒවා නිසා නරඹන්නන් අපහසුතාවයට පත්වෙනවා කියලා හිතුණු නිසා, මම ඒවා නිවැරදි කරන්න උත්සාහයක් ගත්තා. (ඒ කියන්නේ මේක සර්වසම්පූර්ණයි කියලා නෙමෙයි, වැරදි අවමයි කියලා)


Scott Derrickson විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. Joe Hill විසින් රචනා කරපු The Black Phone කියන නවකතාව තමයි චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. Universal Pictures තමයි ලොව පුරා බෙදහැරීමේ කටයුතු කලේ. රඟපෑමෙන් දායක වුණා, Mason Thames (ෆිනේ බ්ලේක්), Madeleine McGraw (ග්වෙන් බ්ලේක්), Ethan Hawke (පැහැරගන්නා), Roger Mitchell (පරීක්ෂක රයිට්) ඇතුලු පිරිසක්.


Web ratings ගැනත් විස්තර කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.9, Metacritic 65%, Google users 80% මේ චිත්‍රපටියට තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


එහෙනම්, මේ චිත්‍රපටියේ දෙවෙනි කොටසත් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝටම ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page