top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Lifeline (2025) සිංහල උපසිරැසි


ඇමරිකාවේ තියෙනවා ජීවිත උපකාර දුරකතන සේවාවක්. ඒ කියන්නේ කාටහරි දිවිනසාගන්න හිතුනොත්, ජීවිතේ එපා වුනොත්, එයාලාට කතා කරන්න දුරකතන අංකයක් දීලා තියෙනවා. මේකට උත්තර දෙන්නේ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥ කෙනෙක්. ගොඩාක් මනෝ වෛද්‍යවරු ස්වේච්ඡා සේවයක් විදියට මේ දුරකතන ක්‍රියාකරුවෙක් විදියට කටයුතු කරනවා. ඒ අවුරුද්දට දින කීපයක් හෝ සතියකට පැය කීපයක්. අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය දිවෙන්නේ මේ ජීවිත උපකාර සේවයට ආපු දුරකතන ඇමතුමක් වටා.


ස්ටීවන් තෝමස් කියන්නේ මනෝ වෛද්‍යවරයෙක්. එයා අවුරුද්දට දින කීපයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා මේ ජීවිත උපකාර සේවයට. අලුත් අවුරුදු උදාව, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා දවසක ස්ටීවන්ට සිද්ධ වෙනවා මේ ජීවිත උපකාර සේවයට වාර්ථා කරන්න. එදා ස්ටීවන්ට ඇමතුමක් එනවා දිවිනසා ගන්න උත්සාහ කරන අයෙකුගෙන්. එයාගේ නම විදියට සඳහන් කරන්නේ ස්ටීවන්. අපේ මනෝ වෛද්‍ය ස්ටීවන් මේකෙන් පුදුමයට පත්වෙන්නේ, තමන්ගේම නම තියෙන කෙනෙක් මෙලෙස දිවිනසාගන්න හදන නිසා. හැබැයි, දිගටම කතා කරගෙන යනකොට තමයි අපේ වෛද්‍යවරයාට තේරෙන්නේ, මේ දිවිනසාගන්න හදන ස්ටීවන්, තමන්ගේ ජීවිතයේ අතීතයේ සිදුවුන සමහර සිදුවීම් දන්නවා කියලා. ඒ සිදුවීම්, ස්ටීවන් විතරක් දැනගෙන හිටපුවා. මේහෙම දෙයක් වෙන්නේ කොහොමද? ස්ටීවන් කියන්නේ කවුද? මේ ගැන දැනගන්න, චිත්‍රපටිය බලන්නම වෙනවා.


මේ චිත්‍රපටිය Feras Alfuqaha විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. ඒ වගේම මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ Brady Morell සහ Brian Price දෙන්නා. රඟපෑමෙන් දායක වෙනවා Josh Stewart (ස්ටීවන්), Judah Lewis (ස්ටීවන්), Charlene Amoia (විවියන්) ඇතුලු පිරිසක්.


එහෙනම්, හැමෝම එකතු වෙලා මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳිමු.



චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



චිත්‍රපටිය බාගන්න පුලුවන් ලින්ක් මෙතන තියෙනවා.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page