The Woman in the Yard (2025) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Apr 19
- 2 min read

රාමෝනා කියන්නේ වැන්දඹුවක්. එයාගේ සැමියා රිය අනතුරකින් මරණයට පත්වෙන්නේ රමෝනා ගේ කකුල ආබාධයකට ලක් කරමින්. සැමියාගේ හීනයක් වුනේ, ගොවිපොලක ගෙදරක් හදාගෙන ජීවත්වෙන එක. ඒකට අඩිතාලම දාලා තිබ්බේ. ප්‍රතිසංස්කරණය කරන්න තිබ්බ ගෙදරක් ගොවිපොලක් එක්ක සැමියා මිලට ගන්නේ, ඉතුරු ටික ඉක්මනින් හදාගෙන, රමෝනා සහ දරු දෙදෙනා එක්ක සතුටෙන් ජීවත්වෙන්න. අවාසනාවන්ත රිය අනතුරෙන් හැමදේම වෙනස් වුනා.
දවසක් උදේ ජනේලෙන් එලිය බලනකොට, රමෝනාගේ පුතාට, ටේලර්ට දකින්න ලැබෙනවා මුලු සිරුරම කලු රෙද්දකින් වසාගත්ත කාන්තාවක් වත්තට ඇතුල්වෙන තැනට වෙලා ගෙදර දිහා බලාගෙන ඉන්නවා. මෙයා හෙලවෙන්නේවත් නෑ. ඒක දැකපු ටේලර් අම්මාට කියලා විස්තර හොයන්න යවනවා. හැබැයි, රමෝනා එයා එක්ක කතා කරලා ගෙදර එන්නේ ඉතා ව්‍යාකූල තත්වයකින්. ඇත්තටම මේ කාන්තාව කවුද? ඇයි එයා මේ එලියට වෙලා ගෙදර දිහා බලාගෙන ඉන්නේ? රමෝනාට මේ කාන්තාව කිව්වේ මොනවාද? ඔන්න චිත්‍රපටිය බලන්න හේතු.
Sam Stefanak විසින් රචනා කරන ලද කතාවක් Jaume Collet-Serra ස්පාඤ්ඤ අධ්‍යක්ෂකවරයා විසින් ලස්සන බය හිතෙන චිත්‍රපටියක් බවට පරිවර්තනය කරනවා. වෙනස් විදියේ කතාවක් නිසා, අමුතුම විදියේ හැඟීමක් එන්නේ චිත්‍රපටියෙන්. රඟපෑමෙන් දායක වෙනවා Danielle Deadwyler (රමෝනා), Okwui Okpokwasili (කලු ඇඳුම ඇඳගත් කාන්තාව), Russell Hornsby (ඩේවිඩ්), Peyton Jackson (ටේලර්), Estella Kahiha (ඇනී). ඇත්තටම මේ චිත්‍රපටියේ තියෙන්නේ මේ චරිත ටික විතරමයි. හිතලා බලන්නකෝ කතාවේ වෙනස්කම.
Web ratings ගැනත් කතා කරමු. මේ ලිපිය ලියන මොහොතේදී, IMDb 5.2, Rotten Tomatoes 43%, LetterBoxd 2.5, Google Users 47% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. රේටිං අඩු වෙන්න හේතුවක් විදියට විචාරකයන් කියන්නේ, මීට වඩා බය හිතෙන තැන් වලට අවධානය දෙන්න තිබ්බා කියලා. ඒක නම් ඇත්ත. බය හිතෙන චිත්‍රපටියක් නම්, බලනකොට කෑ ගැහෙන්න තරම් බය වෙන්න ඕනේ.
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.
චිත්‍රපටිය බාගන්න පුලුවන් ලින්ක් මෙතන තියෙනවා.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comments