top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Electric State (2025) සිංහල උපසිරැසි


ඔන්න කාලෙකට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් හමුවුනා. කතාව කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ 1997 අවුරුද්දේ වුනා යැයි කියලා උපකල්පනය කරපු සිද්ධියක් පාදක කරගෙන තියෙන කතාවක්. රොබෝ විරෝධී මිනිස් කණ්ඩායමක් සහ තමන්ගේ නිදහස ඉල්ලන කෘතිම බුද්ධියෙන් යුක්ත රොබෝවරු අතර යුද්ධයක් ඇති වුනා. මේ යුද්ධයෙන් ලේසියෙන්ම ජයගන්න රොබෝලාට අවස්ථාව තිබුනා. හැබැයි, ඊතන් ස්කේට් කියලා කෙනෙක් කරපු සොයාගැනීමක් නිසා මිනිස්සු යුද්ධය ජයගත්තා. රොබෝලාව කාන්තාර ප්‍රදේශයක සිර කරලා දැම්මා.


මේ අතරේ මිෂෙල් කියන තරුණ ගැහැණු ළමයාගේ අති බුද්ධිමත් සහෝදරයා හදිසි අනතුරකින් මියයනවා. හැබැයි, එයා ආසම රොබෝ කාටූන් චරිතයක් වන කොස්මෝ දරුවා රොබෝ එයාව හොයාගෙන එනවා. මේ එන්නේ, මිනිස්සුන්ට රොබෝලාට උදව් කරන්න නීතියෙන් තහනම් කරලා තියෙන අවධියක. මිනිස්සු වුනත් දැන් ඉන්නේ වෙනම ලෝකයක (ඒ ගැන දැනගන්න චිත්‍රපටිය බලන්න). ඉතිං, මේ රොබෝ සහ මිෂෙල් අතර තියෙන සම්බන්ධය කොයි වගේද? ඇයි මේ කොස්මෝ රොබෝ හදිස්සියේම මිෂෙල් හොයාගෙන ආවේ? රොබෝලාට උදව් කිරීම නිසා මිෂෙල්ට මොකද වෙන්නේ? මේවා දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්නම වෙනවා.


මේ චිත්‍රපටිය පාදක කරගෙන තියෙන්නේ ස්වීඩන් ජාතික Simon Stålenhag විසින් 2018 දී රචනා කරපු The Electric State නමම තියෙන නවකතාව. මේ කතාවේ තියෙන චරිත සහ සිදුවීම් තමයි චිත්‍රපටියේත් දකින්න ලැබෙන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anthony Russo සහ Joe Russo (නැත්නම් Russo Brothers) දෙන්නා. හැම හොඳ චිත්‍රපටියක්ම වගේ මේකත් ලොව පුරා බෙදාහරින්නේ Netflix ආයතනය මගින්. රඟපෑමෙන් දායක වෙන්නේ Millie Bobby Brown (මිෂෙල්), Chris Pratt (කීට්ස්), Ke Huy Quan (දොස්තර ඇම්හර්ට්ස්), Stanley Tucci (ඊතන් ස්කේට්). ඒ වගේම රොබෝ චරිත වලට තමන්ගේ හඬ ලබාදීමෙන් දායක වෙනවා Anthony Mackie (හර්ම්), Woody Harrelson (පීනට් මහතා), Jenny Slate (පෙනී) ඇතුලු පිරිසක්.


චිත්‍රපටියේ web ratings ගැනත් ටිකක් කතා කරමු. මම නිතරම කියන්නේ, මේ රේටිං වලටම හිරවෙන්න එපා චිත්‍රපටියක් තෝරගන්න. මොකද, සමහර හොඳ චිත්‍රපටි වලට ප්‍රතිචාර අඩුවෙන් ලැබෙනවා සමහර වෙබ් අඩවි වලින්, හැබැයි සමහර අඩවි වලින් හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා. මේ ලිපිය ලියන මොහොතේදී මේ චිත්‍රපටිය ලබාගෙන තිබ්බේ මේ වගේ අගයන්. IMDb 5.9, Rotten Tomatoes 15%, Google Users 64%.


චිත්‍රපටියේ දැක්ක විශේෂ දෙයක් කියන්නම්, ඔයාලාත් බලනකොට ඒක ගැන හොයලා බලන්නකෝ. රොබෝලාගේ නිෂේධන කලාපයේ විශාල සාප්පු සංකීර්ණයක් තියෙනවා. ඒක ඇත්තටම තියෙන්නේ ඇමරිකාවේ, ජෝර්ජියා වල ඇට්ලන්ටා නගරයේ. 1965 දී ආරම්භ කරපු මේ සාප්පු සංකීර්ණය 2020 දී වසා දැම්මා. ඒ වගේම 2024 මැද භාගයේදී සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. මේ සාප්පු සංකීර්ණය කලින් භාවිතා කලා Loki, Cobra Kai, Fear Street trilogy සහ Civil War, The Mule, Zombieland: Double Tap කියන චිත්‍රපටි වල.


එහෙනම්, හැමෝටම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න ආරාධනා කරනවා. ජයවේවා!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


චිත්‍රපටිය බාගන්න පුලුවන් ලින්ක් මෙතන තියෙනවා.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page