top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Black Panther: Wakanda Forever (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Marvel Cinematic Universe (MCU) එක ගොඩාක් අය බලනවානේ. ‍අද මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්‍රපටි මාලාවේ 30 වෙනි චිත්‍රපටියට. මේකේ නම, Black Panther: Wakanda Forever (2022). මේක 2018 වර්ෂයේදී නිකුත් කෙරුණු Black Panther (2018) චිත්‍රපටියේ ඉදිරි දිගහැරුමක්. හැබැයි, සමහර අවස්ථා වලදී ඇරෙන්න, මේ චිත්‍රපටිය තනිවම නරඹන්න අවුලක් වෙන්නේ නෑ. හැබැයි, මේක දිග චිත්‍රපටි මාලාවක්නේ. ඒ නිසා, පිළිවෙලට බැලුවොත්, රස වින්ඳනය තීව්‍ර වෙනවා.


වකන්ඩා කියන්නේ ඉතා බලවත් රාජ්‍යයක්. ‍ට්'චල්ලා රජතුමා, නැත්නම් බ්ලැක් පැන්තර් නිසා තමයි ලෝකේ දැනගන්නේ මේ වගේ රාජ්‍යයක් තියෙනවා කියලා. එයාලා මේ තරම් බලවත් වෙලා තියෙන්නේ, වයිබ්‍රේනියම් කියන මූලද්‍රව්‍ය තියෙන නිසා. ලෝකේ වෙන කොහේවත් නෑ කියලා තමයි කියන්නේ. මේ ලෝහමය මූලද්‍රව්‍ය ඉතාමත් ශක්තිමත්. ඒ නිසා, කිසිම උණ්ඩයකටවත් මේක හරහා යන්න බෑ.


වකන්ඩාවේ රජතුමා, ට්'චල්ලා හදිස්සියේ මියයනවා අසනීපයක් නිසා. මේ අසනීපය සුව කරගන්න පුළුවන්, හදවත්-හැඩැති පැළයකින් කියලා, ඔහුගේ සහෝදරිය, ශූරි විශ්වාස කරනවා. හැබැයි, ඇත්තටම මේ පැළය හොයාගන්න බැරි නිසා, ඒක කෘතිමව හදන්න තමයි ඇයගේ උත්සාහය. මේ අතරේ, වයිබ්‍රේනියම් තියෙන තවත් රාජ්‍යයක් හමුවෙනවා. ඔවුන් වකන්ඩාවට වඩා බලවත් වගේ. ඔවුන්ගේ උත්සාහය ඇමරිකානුවන් හෝ වෙනත් ජාතියක්, මේ වයිබ්‍රේනියම් හොයාගන්න එක නවත්තන්න.


මේ සිදුවීම් තමයි මේ චිත්‍රපටියේ ආරම්භය. අනිත් චිත්‍රපටි වලට වඩා ටිකක් දිග කතාවක් මේකේ තියෙන්නේ. වකන්ඩා රාජ්‍යය, අළුත් රාජ්‍යය, ලෝකේ අනිත් රාජ්‍යයන් අතරේ වෙන ඝට්ඨනයක් මේකෙන් දැකගන්න පුළුවන්. වැඩි විස්තර වැඩක් නෑ. මේක බලන්නකෝ.




ඔයාලා වෙනුවෙන්ම, වකන්ඩා භාෂාවෙන් සහ අනිත් භාෂා වලින් කතා කරන දෙබස් පවා සිංහලෙන් හැදුවා. ඒ නිසා තමයි ටිකක් කාලය ගතවුනේ මේක දෙන්න. හැබැයි, ඒවා නැති වුනොත්, මේකේ රසවින්ඳනයට බාධාවක් වෙනවානේ. ඒකයි හැමදේම සිංහලෙන් ලියන්න උත්සාහ කලේ.


කලින් චිත්‍රපටිය වගේම, මේකත් අධ්‍යක්‍ෂණය කලේ Ryan Coogler. මෙවර චිත්‍රපටියේ කතා සංකල්පයත් ඔහුගේමයි. ඒක ඔහුට ඇතිවෙලා තියෙන්නේ, පළමු චිත්‍රපටිය අවසන් කරනකොට කියලායි කියවෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Letitia Wright (ශූරි), Lupita Nyong'o (නකියා), Danai Gurira (ඔකෝයේ), Winston Duke (ම්'බාකු), Tenoch Huerta Mejía (නේමෝර්) ඇතුළු විශාල පිරිසක්.


Web ratings ගැනත් නොකියා බෑනේ. මේ ලිපිය ලියන මොහොතේ IMDB 7.0, Rotten Tomatoes 84%, Metacritic 67%, Google Users 86% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ආදායම් වාර්ථා අතරටත් ගිය චිත්‍රපටියක් මේක. ඩොලර් මිලියන 250 ක අයවැයකින් නිෂ්පාදනය වුණු චිත්‍රපටිය, මේ වෙකොට ලබාගෙන තිබූ ආදායම ඩොලර් මිලියන 842.21 ක්.


එහෙනම් හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල තියෙන අඩුපාඩු, හොඳ නරක, ගුණ දොස්, ගල් මල් අපිට කියන්න. ඒවා නිසා අපේ උපසිරැසි තවත් ගුණාත්මක බවෙන් වැඩි කරගන්න පුළුවන්.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page