top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

BLISS (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

BLISS (2021) සිත් ගන්නා සුළු ආදරණීය කතාවක්. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, ආත්මගත ආදර අන්දරයක් තියෙන චිත්‍රපටියක්. මේ අවුරුද්දේ වසංගත තත්වයත් එක්ක නිකුත් වුනු හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.


මේ චිත්‍රපටිය රචනා කරලා, තිර පිටපත හදලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Cahill විසින්. ගොඩාක් දක්ෂ ආකාරයට නළු නිලියන් සහ දර්ශණ තල හසුරුවමින් කරලා තියෙන නිර්මාණයක් කියන්න පුළුවන්. රගපෑමෙන් දායක වෙනවා Owen Wilson, Salma Hayek, Nesta Cooper ඇතුලු නළු නිලියන් රැසක්. හැමෝම තම තමන්ගේ කාර්යය මැනවින් ඉෂ්ඨ කරලා තියෙනවා.


Ratings ගැන කතා කරන්න තාම ඉක්මන් වැඩියි. ඒත් මේ වෙනකොට IMDB 5.3, Rotten Tomatoes 30%, Screenrant 2, Google Users 52% වැනි අගයන් අරගෙන තියෙනවා. බහුතරයක් දෙනා කතාව තේරුම් ගැනීමේ අපහසුව නිසා කැමැත්ත පල නොකලා කියලායි විචාරකයෝ පවසන්නේ.


කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මෑතකදී දික්කසාද වෙච්ච දෙදරු පියෙක්ට හදිසි අනතුරක් වෙනවා කාර්යාලයේදී. එයින් බේරීමට යන අතරේ හමුවෙන කාන්තාවක් පවසන්නේ මේ ජීවත් වෙන ලෝකය ඇත්ත ලෝකයක් නොවන බව. ජීවත් වෙන මිනිස්සු ඇත්ත මිනිස්සු නොවන බවත් සියල්ල පරිගණක වැඩසටහනක් බවත් ඇය පවසන්නේ. මේ න්‍යාය ටිකෙන් ටික අපේ කතා නායකයාටත් විශ්වාස ගැන්වීමට ඇය කටයූතු කරන්නේ දෙදෙනා අතරේ ආදරයක් හටගන්නා අතරතුරදී. මේ දෙදෙනාගේ ඉදිරි ජීවිතය මොන වගේ වෙයිද? පරිගණක වැඩසටහන කුමක්ද? ඇත්තටම අපි මේ ජීවත් වෙන ලෝකය ඇත්ත එකක් නෙමෙයිද? මේවාට පිළිතුරු තියෙන්නේ මේ චිත්‍රපටිය ඇතුලේ.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 comentário


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
17 de fev. de 2021

බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා.! 👊👊👊

Curtir
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page