top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Changeling (2008) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

වෝල්ටර් කොලින්ස් කියන්නේ කීකරු, යහපත් දරුවෙක්. තමන්ගේ පියා නැතිව, අම්මාගේ රැකවරණය මත ජීවත්වෙන හොඳ පුතෙක්. මේ කතාව කියන්නේ 1920 ආසන්න කාලයේ. ඒ කාලයේ, කාන්තාවන්ට තිබුනේ සමාජයේ හොඳ තැනක් නෙමෙයි. විශේෂයෙන්, ඉංග්‍රීසි සමාජයේ. ඒ නිසා, වෝල්ටර්ගේ අම්මා, ක්‍රිස්ටීන් රැකියාව විදියට කලේ දුරකතන ක්‍රියාකාරකම් හසුරුවන්නියක් විදියට. දවසක්, ක්‍රිස්ටීන් රැකියාව අවසන් කරලා, ආපහු ගෙදර යනකොට, වෝල්ටර් අතුරුදහන්. හැමතැනම හෙව්වත්, හොයාගන්න ලැබෙන්නේ නෑ. මේ වගේ කාලයක, අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව හොයාගන්න මහන්සි වෙන විදිය චිත්‍රපටියකට නගලා තියෙනවා.


Changeling (2008) චිත්‍රපටියේ තමයි මම කියපු කතාව තියෙන්නේ. James Jeffrey Paul නම් නවකතාකරු විසින් ලියපු Nothing is Strange with You: The Life and Crimes of Gordon Stewart Northcott නවකතාව සත්‍ය සිදුවීම් වල උසාවි වාර්ථා පදනම් කරගෙන ලියලා තියෙන්නේ. මේ නවකතාව තමයි, මේ චිත්‍රපටියේ පසුබිම වෙලා තියෙන්නේ.


Clint Eastwood විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Universal Pictures හි බෙදාහැරීමක්. රඟපෑ‍ම සඳහා තෝරගෙන තියෙන්නේ අති දක්‍ෂ නිලියක්. ඒ Angelina Jolie (ක්‍රිස්ටීන්). ඇය සමඟින් රඟපෑමට දායක වෙනවා Jeffrey Donovan (කපිතාන් ජෝන්ස්), John Malkovich (පියතුමා), Colm Feore (පොලිස් ප්‍රධානී) ඇතුළු පිරිසක්.


පරණ එකක් නිසා, මේ චිත්‍රපටිය ලබාගෙන තියෙන වෙබ් රේටිං ගැනත් කිව්වොත් හොඳයිනේ. IMDB 7.8, Rotten Tomatoes 62%, Google Users 79% මේ චිත්‍රපටියට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 55ක වියදමකින් නිර්මාණය කරපු චිත්‍රපටියේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 113 දක්වා ගිහින් තියෙනවා. මේ 2008 වර්ෂයේ. ඉතිං සාර්ථකත්වය හිතාගන්න පුළුවන් නේද?




චිත්‍රපටියේ අන්තර්ගතය ගැන පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ කතාවේ එක තැනක, අපේ ප්‍රධාන නිළියගේ සම්පූර්ණ නිරුවත් රූප රාමුවක් තියෙනවා. ඒ සමඟින්, අපේ සංස්කෘතියේ සඟවාගෙන සිදුවෙන දෙයක් තිබෙනවා. නමුත්, මේ දර්ශණය, පොඩ්ඩක්වත් කාමුක හෝ ලිංගික උත්තේජනයක් ලැබෙන දෙයක් නෙමෙයි. කාන්තාවන්ට සිදුවන හිරිහැර මනාව පෙන්වන්න, අධ්‍යක්‍ෂකවරයා ගත්ත උත්සාහයක්. ඒත් මේ ලංකාවනේ. අපේ සංස්කෘතිය හරිම වෙනස් නේ. ඒ නිසයි මේ වගේ දේවල්, වෙනම දැනුවත් කරන්නේ.


කාර්යබහුල දවස් ටිකක, සෑහෙන දවසක් යොදාගෙන, ගොඩාක් දිග උපසිරැසියක් නිර්මාණය කලේ. චිත්‍රපටියට ඇත්තටම ගොඩාක් ආස හිතුණ නිසා. ඔයාලාත් මේ වෙනකල් බලන්න බැරි වුනා නම්, මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page