top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Clock (2023) සිංහල උපසිරැසි



මම අද අරගෙන ආවේ, ගොඩාක් අයගේ අවධානයෙන් මිඳුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්න ‍ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, කතා තේමාව, කාමුක දර්ශණ ‍වගේ ගොඩාක් දෙවල් නිසා, තමයි මම මේක කියන්නේ. එක පැත්තකින් ලිංගික අධ්‍යාපනයකුත් ‍මේකේ තියෙනවා කියලා හිතෙනවා. හරි. කොහොමහරි, දැනගෙන බලන්න.


කාන්තාවන් සමාජයේ මුහුණ දෙන ‍ලොකු ගැටළුවක් තමයි, දරුවන්‍ගේ ප්‍රශ්නය. තමන් කැමති හෝ නැතිව, දරුවන් හදන්න බලකරන්නේ සමාජය. කාන්තාවට තමන්ගේ තනි තීරණයකින් දරුවෙක් හදන්න හෝ නොහදන්න අපේ සමාජය ඉඩදෙන්නේ නෑ. විවාහ වෙලා ටික කාලයක ඉඳලාම, මුළු සමාජයම, දෙමාපිය නෑදෑ යහළුවන් සියල්ලම, බලාගෙන ඉන්නේ කාන්තාව දිහා දරුවෙක් පිළිසිඳගෙනද කියලා. සමහරවිට ඒ කාන්තාව තමන්ගේ කුසේ දරුවෙක් තියාගන්න අකමැති වෙන්න පුළුවන්, තම ජීවිතය දරු‍වෝ රැකබලාගැනීම වෙනුවෙන් කැප කරන්න අකමැති ‍වෙන්න පුළුවන්, තමන්ගේ විනෝදය සතුට සාමය දරුවෙක් නිසා නැති කරගන්න අකමැති වෙන්න පුළුවන්. මේ සමාජ අර්බුධය ගැන කතා කරන චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න මම කැමතියි.


මේ මානසික ව්‍යසනය, විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, භයානක කතාවක් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසාම, මේ සිදුවීමේ බරපතල බව, ප්‍රේක්‍ෂකයාට හොඳින් දැනෙනවා. Alexis Jacknow විසින් රචනා කරපු මේ කතාව, චිත්‍රපටියක් විදියට අධ්‍යක්‍ෂණය කලෙත් ඔහුමයි. Dianna Agron (එලා පටෙල්), Jay Ali (ඒඩන් ප‍ටෙල්), Melora Hardin (දොස්තර සයිමන්ස්), Grace Porter (ෂෝනා) ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායකත්වය ‍දෙනවා.


විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි, මේ ප්‍රධාන නිළියගේ රඟපෑම. මුළු කතාවම එක කාන්තාවක් වටා ගෙවීගෙන යනකොට, ඒ හැඟීම්, භාව ප්‍රකාශන හොඳින් ඉදිරිපත් කරමින් ඇය ඉදිරිපත් කරපු රඟපෑමක් විදියට මෙය කියන්න පුළුවන්. හැම වෙලාවෙම අපේ ඇස් තියෙන්නේ මේ කාන්තාව ඉදිරියේ. එයාගේ හැම දෙයක්ම අපිට නිරීක්‍ෂණය ‍වෙන්න තමයි අධ්‍යක්‍ෂකවරයා ඇයව හසුරුවන්නේ. කොහොමහරි, සාමූහික ප්‍රයත්නයක ප්‍රථිපලයක් තමයි මේ චිත්‍රපටිය.


එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න. මම මේ චිත්‍රපටි‍ය Hearing Impaired විදියට හැදුවේ, සමහර ශබ්ධ හරියට අඳුරගන්න එක මේකට ප්‍රයෝජනවත් නිසා. හැමදාම කියනවා වගේ, මේකේ ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක අපිට කියන්න. අපි ඒවා අහන්න කැමැත්තෙන් ඉන්නවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!





Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page