top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Girl in the Basement (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Girl in the Basement (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. මේ සිදුවීම ඕස්ට්‍රියාවේ එලිසබෙත් ෆ්‍රිට්ස්ල් නැමැති ගැහැණු දරුවෙකුට වුණු සිදුවීමක්. ඒ සිදුවීම පදනම් කරගත්තත්, මේ චිත්‍රපටිය ඒ ඇත්ත සිදුවීම තරම්ම භයානක කරලා නෑ. තත්වය තරමක් සරල කරලා, නිර්මාණය කරලා තියෙන්නේ, ඇමරිකාවේ අයව දැනුවත් කරන්න, ළමා අපචාර සම්බන්ධයෙන් වන ආයතනය ගැන. ඒ නිසා එක අතකින්, මේක අධ්‍යාපනික, වාර්ථාමය ගනයටත් දාන්න පුළුවන්.


මම කැමතියි මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස වර්ග කරන්න. හේතුව, ළමා අපචාර සහ අපයෝජන දරුවන්ට නොපෙන්විය යුතුයි කියලා මට හිතෙන නිසා. තෝරා බේරාගෙන චිත්‍රපටිය නරඹන්න...


මේ චිත්‍රපටිය ඇත්ත සිදුවීම් ඇසුරෙන් ලියලා තියෙන්නේ Barbara Marshall විසින්. ඇයගේ තිර රචනය Elisabeth Röhm විසින් අධ්‍යක්ෂණය කරලා චිත්‍රපටියට නගලා තියෙනවා. චිත්‍රපටියේ ප්‍රධාන නිලියගේ රඟපෑම ඉතාම ඉහලයි. ඇයගේ රඟපෑම නිසා, මේක කුතුහලයකින් බලන්න පුළුවන්. මේ චිත්‍රපටියේ රඟපාන අය‍ වෙන්නේ Stefanie Scott (සාරා), Judd Nelson (ඩොන්), Joely Fisher (රීනී), Emily Topper (ඒමී), Emma Myers (මරී) ඇතුළු පිරිසක්.


කතාව ගැන කියනකොට, ප්‍රධාන චරිතය (සාරා) බලාගෙන ඉන්නේ තමන්ට අවුරුදු 18 පිරෙනකල්. ඒ ඇයගේ පියාගේ (ඩොන්) දරදඬු නිවාස පාලනයෙන් ගැලවිලා, සමාජයට යන්න. ඇගේ අක්කා (ඒමී) මේ වෙනකොට උසස් අධ්‍යාපනය කරන්න ගෙදරින් පිටවෙලා ඉන්නේ. ඒ නිසා, සාරාට තාත්තාගෙන් තිබුණු බලපෑමත්, ආතතියත් ඉතා වැඩියි. ඒ අතරේ සාරාගේ පෙම්වතා ගැන ඩොන්ට දැනගන්න ලැබෙනවා. ඔහු මේ ගැන තරයේම විරුද්ධ වෙනවා. සාරාට අවුරුදු දහ අට සම්පූර්ණ වීමට කලින්, ඩොන් පොඩි ප්‍රයෝගයක් මගින් සාරාව භූගත බංකරයක සිර කරනවා. දැන්, සාරාගේ අනාගතය මොන වගේද? ඩොන් කොහොමද සාරාව සිරකර තබාගන්නේ? කොච්චර කාලයක්ද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.







සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



댓글 1개


Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
2021년 6월 25일

Thank you 🙂❤

좋아요
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page