top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

I am All Girls (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

I am All Girls (2021) මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි මේ. 2021 මැයි මාසේ Netflix විසින් නිකුත් කෙ‍රුණු මේ චිත්‍රපටිය ලොකු ංනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය ප්‍රසිද්ධ වෙබ් අඩවි වල ratings, IMDB 5.8, RottenTomatoes 63%, Google Users 91% වගේ තත්වයක තියෙන්නේ.


Donovan Marsh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටියේ තිර රචනය කරලා තියෙන්නේ Wayne Fitzjohn, Marcell Greeff දෙදෙනා විසින්. සත්‍ය කතා ඇසුරෙන් කතා ලියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා Erica Wessels (ජෝඩි), Hlubi Mboya (න්ටොම්බි), Leshego Molokwane (ළමා න්ටොම්බි), Mothusi Magano (ජෝර්ජ්) ඇතුළු පිරිසක්.


කතාව ගැන කෙටියෙන්. ජෝඩි කියන්නේ මිනිස් ජාවාරම්කාරයන් ගැන හොයන මෙහෙයුමක පරීක්ෂකවරියක් විදියට. ඇයට හොයාගන්න ලැබෙනවා තොරතුරු කිහිපයක් සහ එමගින් මේ ජාවාරමේ මහමොළකරු‍ගේ නම. නමුත් පැහැදිලි සාක්ෂි නොමැතිව ඔවුන්ව අල්ලාගැනීමේ අපහසුකම තමයි ‍තිබෙන්නේ. මේ අතරේදී අවුරුදු 20කට පෙර අතුරුදහන් වූ කුඩා ගැහැණු ළමයි 6 දෙනෙක්ගේ නම පාවිච්චි කරමින්, මිනිමරන කෙනෙක් ගැනත් හොයන්න ජෝඩිට භාරවෙනවා. මේවා ගැන කරන පරීක්ෂණ කටයුතු මොන වගේ වෙයිද? කවුද මේ මිනිමරුවා? ඇයි එයා මේ මිනි මරන්නේ?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 commentaire


Thank you 🙂

J'aime
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page