top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Nude (2010) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Nude (2010) ජපන් චිත්‍රපටියක්. ඒ වගේම කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් යටතේ නිෂ්පාදනය වුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්නේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, කාමුක දර්ශණ ගොඩාක් තියෙනවා. හැබැයි මේක නිල් චිත්‍රපටියක් නෙමෙයි. හරිම සංවේදී මාතෘකාවක් යටතේ නිපැයුණු කතාවක්. අනික මේක ඇත්ත සිදුවීමක්. ඇත්ත කතාවක්.


මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය මිහිරෝ (Mihiro) තමයි මේක ලියලා තියෙන්නේ. එයාගේ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. තිර රචනයක් විදියට මේක ගොඩ නගලා තියෙන්නේ Yûichi Onuma සහ Mikaho Ishikawa. චිත්‍රපටියක් විදියට ගොඩනගලා තියෙන්නේ, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûichi Onuma විසින්මයි. රඟපෑමෙන් දායක වෙන්නේත් ලස්සන පිරිසක්. මිහිරෝගේ චරිතය රඟපාන්නේ Naoko Watanabe. ඇයත් සමඟ Ken Mitsuishi, Aimi Satsukawa සහ Hiroshi Yamamoto ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.


මුලින් කිව්වා වගේ, කතාව දිවෙන්නේ මිහිරෝ කියන නිරුවත් නිරූපිකාවගේ ජීවිත කතාව තේමාව කරගෙන. තරුණ සහ ලස්සන කෙල්ලෙක් (හිරෝමි) ගම්බද මුහුදුබඩ පලාතක ඉඳලා ටෝකියෝ අගනුවරට එන්නේ ගුවන්සේවිකාවක් හො නිළියක් වීමේ අරමුණෙන්. නමුත් වැඩි කැමැත්තක් තියෙන්නේ නිළියක් වීමට. ඒ සඳහා ඇයගේ ලස්සන ශරීරය සහ අහිංසක හැඟීම් ප්‍රකාශණයන් උදව් වෙනවා. අවසානයේ ඇය නිරුවත් නිරූපිකාවක් වෙනවා. ඇයගේ ඉදිරි ජීවිතය කොහොමද කියලා තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.


විශේෂයෙන් කියන්නේ, අපි කවුරුත් නිරුවත් වීඩියෝ හෝ නිරුවත් පින්තූර බැලුවාට, ඒවා වල රඟපාන අයගේ පැත්තෙන් කොහොමද කියලා හිතන්නේ නෑ. එයාලාගේ හැඟීම්, එයාලා මුහුණ දෙන ප්‍රශ්න මේ චිත්‍රපටියේ ලස්සනට කතා කරනවා. නිරුවත් දර්ශණ තිබ්බාත් ඒවා හැඟීම් අවුස්සනවාට වඩා ඇය ගැන අනුකම්පාවක් ඇති කරවන බව නොකියාම බෑ.


මේ කතාව පාදක වෙන මිහිරෝ කියන නිළියත් මේ චිත්‍රපටියේ ඉන්නවා. ඇය තමයි හිරෝමිට ඇයගේ චිත්‍රපටි නම ලබාදෙන්නේ..


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


බොහොම ස්තූතියි සබ් 🙂❤️... පුලුවන් නම් Primal Fear එකට සබ් දෙන්න..

ජය වේවා.! 👊👊👊

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page