top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Panda Plan (2024) සිංහල උපසිරැසි

Panda Plan (2024) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන අද මම ආවේ. ජැකී චෑන් රඟපාන චිත්‍රපටියක් නිසා හැමෝම ආසාවෙන් මේක බලනවා කියලා දන්නවා. ඒ නිසා තමයි මේ උපසිරැසිය නිර්මාණය කලේ. ලිපිය පටන්ගන්නකොටම විචාරයක් කරනවා නෙමෙයි, ඒත් ජැකී චෑන් වගේ කෙනෙක් චිත්‍රපටියකට අරගෙන, ජැකී චෑන් නමින්ම රඟපානකොට, අපි බලාපොරොත්තු වෙන දේ චිත්‍රපටියේ නෑ. ජැකී චෑන් ගේ චිත්‍රපටි ගනනාව අතරේ, ඔහුගේ දක්ෂතාවයන් අඩුවෙන්ම පාවිච්චි කරලා තියෙන චිත්‍රපටියක් විදියටයි මම මේක දකින්නේ. ඒ මොනවා වුනත්, මේ ජැකී චෑන් නේ. ඒ නිසා, එයාගේ විහිළු, ක්‍රියාදාම, සටන් සියල්ලක්ම අඩුවෙන් ‍හෝ මේකෙත් දකින්න පුළුවන්.


ජැකී චෑන් කියන ජනප්‍රිය සටන් නළුවාට, දුර්ලභ ගණයේ පැන්ඩා පැටියෙක්ව හදා වඩා ගන්න ආරාධනාවක් ලැබෙනවා. මේක ඉතා කැමැත්තෙන් ජැකී පිළිගන්නේ, ඒකෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය නිසාවෙන්. නමුත්, අවාසනාවකට, දරුණු මැර කල්ලියකුත් මේ පැන්ඩා පැටියාව පැහැරගන්න උත්සාහයක නිරත වෙනවා. මේ පැහැරගැනීම අස්සේ, ජැකී චෑන්ට පුළුවන් වෙනවාද පැන්ඩාව බේරගන්න? කවුද මේ පැන්ඩාව පැහැරගන්න එන කල්ලිය? ඇයි එයාලා මේ පැන්ඩාවම පැහැරගන්නේ? ඔන්න මේ චිත්‍රපටිය බලන්න හිතෙන කාරණා.


Yida Meng, Wei Xu යන අය විසින් ලියපු කතාවක් Luan Zhang ගේ අධ්‍යක්ෂණයෙන් තමයි චිත්‍රපටියකට නැගුනේ. වැඩි චරිත ප්‍රමාණයක් නැති අමුතු විදියේ කතාවක්. ඒ ප්‍රධාන චරිත කීපයට දායක වෙන්නේ Jackie Chan (ජැකී චෑන්), Xiang Wei (ඩේවිඩ්), Ce Shi (සීෂූ), Yanbo Han (චා-කුන්, පාතාල මැර නායකයා) ඇතුළු පිරිසක්.


මේ ලිපිය ලියනකොට චිත්‍රපටිය ලබාගෙන තිබුණ වෙබ් රේටිං ගැනත් කියන්නම්. IMDb 5.3, MyDramaList 7.4, Google Users 89% වගේ ප්‍රමාණයක් අරගෙන තිබ්බා. ආදායම් අතිනුත් ලොකු වාර්ථා තියන්න මේකට බැරි වෙලා කියලා තමයි සිනමා ලෝකයේ ආරංචි.


වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු. අපි හිතනවා මේ සිංහල උපසිරැසිය ඔයාලාගේ රස වින්ඳනයට රුකුලක් වේවි කියලා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page