top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Citizen of a Kind (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

කොරියාව ඇතුළු ආසියාතික රටවල්වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ව්‍යාජ දුරකතන ඇමතුම් වලින් බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ව රවට්ටන එක. මේක ණය ලබාදෙන බවට, ත්‍යාග දිනාගෙන ඇති බව පවසමින්, යම් වටිනා භාණ්ඩ තැපෑලෙන් ලැබී ඇති බව පවසමින් වගේ ව්‍යාජ ඇමතුම් දීලා, මුදල් වංචා කරනවා. මේවාට නිතර අහුවෙන අයත් ඉන්නවා. කොරියාවෙත් ඒක සුලබයි. මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ, ඒ වගේ ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන.


කිම් ඩක්-හී ඒ වගේ දුරකතන ඇමතුම් වංචාවකට අහුවුන කෙනෙක්. හැබැයි, එයා ඒක වංචාවක් කියලා දැනගත්ත වෙලාවේ ඉඳලාම උත්සාහ කලේ, ඒක අල්ලගන්න. මේ වතාවේ, එයාව වංචාවට ලක් කරපු කෙනාත්, ඔත්තුකාරයෙක් විදියට ඩක්-හී එක්ක එකතු වෙනවා. දැන් තමයි වැඩේ. කොහොමද ඩක්-හී මේ අයව අල්ලගන්නේ? මේ දුරකතන ඇමතුම් වංචාව කොච්චර ලොකු එකක්ද? කොරියාවේ විතරක්ද මේක වෙන්නේ?


සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුනත්, ඇත්ත නම් පාවිච්චි කරලා තිබ්බේ නෑ. හැබැයි, දින වකවානු සහ සිදුවීම් සියල්ල සත්‍ය ඒවා. Park Young-ju තමයි මේ සිදුවීම් තිර රචනයක් විදියට ලියලා, අධ්‍යක්ෂණය කලේ. රගපෑමෙන් දායක වුනා, Ra Mi-ran (කිම් ඩක්-හී), Gong Myung (ක්වෝන් ජේ-මින්), Yeom Hye-ran (බොන්ග්-ලිම්), Jang Yoon-ju (සූක්-ජා) ඇතුළු පිරිසක්.


Web ratings ගැනත් මතක් කරන්නම්. මේ ලිපිය ලියන‍ මොහොතේදී මේ චිත්‍රපටිය ලබාගෙන තිබුනා, IMDb 6.7, MyDramaList 7.9, Rotten Tomatoes 100%, Google Users 77% ක ප්‍රමාණයක්.


එහෙනම්, සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page