top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Childe (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

මාකෝ කියන්නේ සංකීර්ණ අතීතයක් තියෙන තරුණ කොල්ලෙක්. එයාගේ තාත්තා කොරියානු ජාතිකයෙක්, අම්මා පිලිපීන ජාතිකයෙක්. හැබැයි, මාකෝ අම්මා ගැන දන්නේ නෑ. එයා දන්නේ, අසනීප තත්වයේ ලෙඩ ඇදේ ඉන්න අම්මාව විතරයි. අම්මාට ඉතා ඉක්මනින් සැත්කමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඒකට අවශ්‍ය මුදල් හොයාගන්න මාකෝ තෝරගන්නේ විධි දෙකක්. එක: මාකෝ කියන්නේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. ඒ නිසා, ඔට්ටුවට සෙල්ලම් කරන එක. දෙක: මාකෝගේ තාත්තා පෝසත් කෙනෙක් කියලා අහලා තිබ්බා. ඒ නිසා එයාව හොයාගත්තොත් අම්මාගේ සැත්කමට අවශ්‍ය මුදල හොයාගන්න පුළුවන්.


මේ අතරේ තමයි, මාකෝව හොයාගෙන කෙනෙක් එන්නේ, කොරියාවේ ඉන්න තාත්තා, තමන්ගේ පුතාව හොයනවා කියලා. දැන් තමයි මාකෝ ගේ ජීවිතය වෙනස් වෙන්නේ. එයාට අවශ්‍ය කරන මුදල හොයාගන්න පුළුවන් වෙයිද, එයාව මොකටද කොරියාවට ගෙන්න ගන්නේ, අම්මාගේ සැත්කම කරන්න පුළුවන් වෙයිද, මේ දේවල් වලට උත්තර දැනගන්න, චිත්‍රපටිය බලන්නම වෙනවා.


මේක මම බලපු, රසවිඳපු හොඳම කොරියන් චිත්‍රපටි අතරට වැටෙනවා. මහ ලොකු කතාවක් මේකේ නෑ. සරල සිදුවීමක් තමයි මුළු චිත්‍රපටියටම තියෙන්නේ. හැබැයි, ඒකට සම්බන්ධ වෙන චරිත සියල්ල හොඳින් හසුරුවලා කතාව ගොඩ නගාගෙන තියෙනවා. චිත්‍රපටියේ වෙන කිසිම සිදුවීමක් අතහරින්න හිතෙන්නේ නැති තරමටම කතාවට වැදගත් කරලා තියෙනවා. රඟපාන අයත්, චිත්‍රපටියට ඉතාම සාධාරණයක් කරලා තියෙනවා.


Park Hoon-jung විසින් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. කොරියාවේ ජනප්‍රියතම අධ්‍යක්ෂකවරයෙක් කිව්වොත් නිවැරදියි. Next Entertainment ආයතනය මඟින් ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙලා තියෙනවා, Kim Seon-ho (යාළුවා), Kang Tae-joo (මාකෝ), Kim Kang-woo (හන් යී-සා), Go Ara (යුන්-ජූ) ඇතුළු පිරිසක්.




චිත්‍රපටියේ වෙබ් රේටිං ගත්තත් කිසිම වරදක් කියන්න බැරි තරම්. මේ ලිපිය ලියන වෙලාවේ, IMDb 6.9, Rotten Tomatoes 92%, Google Users 95% මේකට කැමැත්ත දීලා තිබ්බා. හොඳ අගයන් ටිකක් එක්ක, තව දිග අනාගතයක් තියෙන කතාවක්.


එහෙනම් සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා ව‍ගේ, උපසිරැසි වල ගුණ ‍දොස්, ගල් මල්, හොඳ නරක, වැරදි අඩුපාඩු අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Commentaires


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page