top of page

The Empty Man (2020) සිංහල උපසිරැසි


The Empty Man (2020) ගිය අවුරුද්දේ ඔක්තෝබර් එලියට ආපු චිත්‍රපටියක්. මුලින්ම කරුණු දෙකක් කියන්න තියෙනවා. එක, මේකේ කතාව දිවෙන්නේ cult (විවිධ මිත්‍යා හෝ වෙනස් මතවාද මත එල්බගෙන ඉන්න කණ්ඩායම්) එකක් ගැන. දෙවෙනි එක, එක තැනක සුළු කාන්තා නිරුවත් දර්ශණයක් සහ තවත් තැනක කාමුක ආලිංගනයක් ඇතුලත් වෙලා තියෙනවා. දැනගෙන බලන්න.


කතාව ලියලා තියෙන්නේ David Prior සහ Cullen Bunn දෙදෙනා. මේ වගේ කතා නිර්මාණය අමාරු කාර්යයක්. මොකද අලුතෙන් මතවාදයක් හදලා ඒක සාධාරණීකරනය කරන එක පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසාම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කතාව ලියන්න දායක වුණු David Prior. රඟපෑම සඳහා තෝරගෙන තියෙන නළු නිළියන් අති විශිෂ්ඨයි. James Badge Dale, Sasha Frolova, Samantha Logan, Virginia Kull කට්ටිය මේ කතාව තවත් ලස්සන කරලා තියෙනවා.


Ratings ගැනත් කියලාම කතාවට යමු. IMDB 5.7, Rotten tomatoes 42%, Google Users 61% මේක ලබාගෙන තියෙනවා.


කතවා මේ වගේ. ප්‍රධාන තේමාව තියෙන්නේ එක පාරටම "හිස් මිනිසා" කිව්ව නිසා කියලා අමන්දා අතුරුදහන් වෙනවා. මෙයාව හොයන්න පවුලේ යාළුවෙක් වෙන ජේම්ස් ගන්නා උත්සාහය තමයි. ඒ උත්සාහයේදී ජේම්ස් සොයාගන්නවා අමන්දා සම්බන්ධ වුණු කල්ලියක් ගැන. ගැමි ජනප්‍රවාද මත පදනම් වූ භයානක කල්ලියක්. මේ මතවාදය සහ අමන්දාගේ අතුරුදහන් වීම ලස්සනට ගොතලා තියෙනවා කතාවේ.


මේ චිත්‍රපටියේ සැඟවුණු දෙයක් කියන්නම්, ඔයාලත් බලන්නකෝ. මේක පටන් ගන්නේ යාළුවෝ හතර දෙනෙක් කන්දක් නගින්න යන විනෝද චාරිකාවකින්. ඒක මේකේ ඉස්සරහාට සම්බන්ධ වෙන හැටි බලන්නකෝ. ජේම්ස් පොයින්ටිෆෙක්ස් ආයතනයට මුලින්ම යනකොට බිත්තියේ චිත්‍රයක් එල්ලලා තියෙනවා. ඒක අර මුලින් කඳු නැගපු යාළුවන්ගේ.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





The.Empty.Man.2020.WEBRip.x264.AAC[YTS
.M
Download M • 30KB

චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

188 views1 comment
bottom of page