top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The In-Between (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The In Between (2022) නැත්නම්, අන්තර්භවය. මේ අවුරුද්දේ පෙබරවාරි මුල නිකුත්කෙරුණු විද්‍යා ප්‍රබන්ධ ආදර කතාවක්. මේ දෙක එකට ගැලපෙනවාද කියලානේ හිතන්නේ. ඒත් මේ කතාව ලස්සනට එකතු කරලා, හොඳට නිර්මාණය කරලා තියෙනවා. මේක ඇමරිකානු සංස්කෘතියේ ආදර කතාවක් නිසා, යම් මට්ටමක සරාගී දර්ශණ ඇතුලත් වෙලා තියෙනවා. ඒ බව දැනගෙන, මේ චිත්‍රපටිය නරඹන ලෙස ඉල්ලනවා. මේ වෙනකොට ලබාගෙන තියෙන රේටිං ප්‍රමාණය IMDB 5.8, RottenTomatoes 56%, Movie Insider 5/5, Google Users 83% වගේ වුනා.


Arie Posin කියන ඊශ්‍රායෙල් ජාතික චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයා තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Paramount Players විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, Paramount+ විසින් ඇමරිකාවේ බෙදාහැරුණා. රඟපෑමෙන් එකතුවෙන ප්‍රධාන නිලිය අපිට හොඳට හුරු පුරුදු කෙනෙක්. 2010 දී තිරගතවුනු Ramona and Beezus චිත්‍රපටියේ කුඩා නිළිය, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඇය Joey King (ටෙසා). ඇය සමඟින් Kyle Allen (ස්කයිලර්), Celeste O'Connor (ෂැනන්), Kim Dickens (විකී) සහ John Ortiz (මෙල්) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වෙනවා.


කතාව ගැනත් කෙටියෙන්ම කියන්නම්. චිත්‍රපටිය ආරම්භ වන්නේම භයානක රිය අනතුරක දර්ශණයකින්. එයට මුහුණ දෙන ටෙසා අවදිවන්නේ රෝහලකදී. අනතුරින් ඇයගේ පෙම්වතා මියගිහින්. ටෙසාට ඉදිරියේදී දැනෙනවා, ඇයගේ පෙම්වතා, ස්කයිලර්, ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරන බවක්. මේ නිසා ඇය විවිධ මාර්ග වලින් උත්සාහ කරනවා, ස්කයිලර් සමඟ නැවත සම්බන්ධ වී, අවසාන වතාවටත් සමුදෙන්න. ටෙසාගේ මේ උත්සාහය සාර්ථක වෙයිද? අන්තර්භවය කොහෙද? මොකක්ද? මේ ගැන දැනගන්න, මේ උපසිරැසි සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page