top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Worst Person in the World (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

The Worst Perwon in the World (2021) නෝර්වේජියානු භාෂාවෙන් තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු තේමාවන්, දෙබස් මේකේ තියෙනවා. ආදර කතාවක් නිසා, අපේ සංස්කෘතිය එක්ක හැල හැප්පීම් තියෙන්න පුළුවන්. දැනුවත් කලා, වගකීමෙන් නරඹා රස විඳින්න.


මම මේ චිත්‍රපටිය තෝරගත්තේ, ඉතාම දක්ෂ විදියට ගලාගෙන යන ආදර කතාවක් නිසා. ආදරය සහ සැබෑ ජීවිතය අතර ගැටුම, බටහිර සංස්කෘතියේ ඇසින් දකින්න මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක උත්සාහ කරලා තියෙනවා. කතාව බලනකොට, ඒ උත්සාහය අති සාර්ථකයි කියලා වැටහේවි. අන්තර්ජාලයේ රේටිං ගැන බැලුවාමත් ඒ කතාව තහවුරු වෙනවා. මේ ලිපිය ලියන මොහොතේ, IMDB 7.9, RottenTomatoes 97%, Metacritic 90%, Google Users 86% මේකට කැමැත්ත ප්‍රකාශකරලා තියෙනවා.


සම්මාන උලෙලවල් විස්සකට අධික ප්‍රමාණයක් නියෝජනය කරපු මේ චිත්‍රපටිය, ඉන් පහක ජය ලබාගෙන ඇති අතරම තව දෙකක දෙවෙනි ස්ථානය දිනාගත්තා. ඒ වගේම අන් සියළුම සම්මාන උලෙලවල් වල අදාල සම්මානයට යෝජනා වීමට හැකිවුනා. Joachim Trier විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ඔහුගේ තුන්වෙනි සිනමා උත්සාහය. රඟපෑම සඳහා යොදාගත්ත ප්‍රධාන නිලිය, කාගෙත් ආකර්ෂණය දිනාගත්තා. ඇයගේ සුන්දරත්වය සහ රඟපෑමේ දක්ෂතාවය නිසා, මේ චිත්‍රපටිය එක දිගට බලන්න යොමුවෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ, Renate Reinsve (ජූලි), Anders Danielsen Lie (ඇක්සෙල්), Herbert Nordrum (අයිවින්ඩ්), Maria Grazia Di Meo (සනීවා) ඇතුළු පිරිසක්.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ජූලි කියන්නේ ඔස්ලෝ නුවර වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය වෛද්‍ය සිසුවියක් වෙන්නේ, ඒ විශය වැඩියෙන්ම ළකුණු ගන්න අයට තියන නිසා. හදිස්සියේ ඇය හිතන්න ගන්නවා, ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ජූලිගේ ඇත්තම කැමැත්ත වෛද්‍යවරියක් වීමද? ඇය ජීවිතයේ අරගන්න බැරෑරුම් තීරණ, ඇයගේ ආදර ජීවිතයටත් බලපානවා. මේ ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසියත් සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.

උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1件のコメント


Pradeep Disanayake
Pradeep Disanayake
2022年2月19日

Thnk you aiya ❤

いいね!
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page