top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Twisters (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ඇමරිකාවේ ඕක්ලහෝමා කියන්නේ ඇත්තටම ටෝර්නාඩෝ බහුලව දකින්න ලැබෙන ප්‍රාන්තයක්. ටෝර්නාඩෝ එකක් නොවුනත්, දැඩි සුළි සුළං නිතරම දකින්න ලැබෙන තැනක්. පාසල් යන වයසේ හිටපු කේට්, විද්‍යා ව්‍යාපෘතියක් නිර්මාණය කරනවා මේ ටෝර්නාඩෝ මර්ධනය කරන්න. නමුත් සිදුවන ඉතා අවාසනාවන්ත සිදුවීමක් නිසා කේට් තීරණය කරනවා ගම අතහැරලා නිව්යෝර්ක් යන්න. නමුත් ඇයගේ විශය වෙන කාලගුණ විද්‍යාව සම්බන්ධයෙන් දිගටම ක්‍රියාකාරීව ඉන්නවා.


මේ අතරේ තමයි හාවි ඇවිත් කේට් හට ආරාධනා කරන්නේ, එක සතියකට නැවත පැමිණිලා, මේ ටෝර්නාඩෝ ගැන විමර්ෂණය කරන්න. මෙන්න මෙතැනින් තමයි අපේ මේ කතාව ආරම්භ වෙන්නේ. ටෝර්නාඩෝ ගැන ගොඩාක් දේවල් මේකෙන් කියවෙනවා. හැමදේම ඇත්ත. මේ විදියේ පර්යේෂනයකුත් ඇත්තටම කරලා තියෙනවාලු. කොහොම වුනත්, මේක නම් බලන්නම වටින කතාවක්.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Lee Isaac Chung විසින්. Anne-Marie Martin සහ Michael Crichton තමයි මේකේ චරිත නිර්මාණය කරලා තියෙන්නේ. ලොව පුරා බෙදාහැරීම බාරගෙන තියෙන්නේ Warner Bros. Pictures ආයතනයට. රඟපෑමෙන් දායක වෙනවා Daisy Edgar-Jones (කේට්), Glen Powell (ටයිලර්), Anthony Ramos (හාවි), Sasha Lane (ලිලී) ඇතුළු පිරිසක්.


Web ratings ගැන අමතක කලා නෙමෙයි. මේ ලිපිය ලියන මොහත වෙනකොට IMDb 6.7 / 10, Rotten Tomatoes 75%, Facebook 4.8 / 5 සහ Google Users 90% ක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.


මේ මගේ 200 වෙනි සිනමා උපසිරැසිය. ගොඩාක් මහන්සි වෙලා, වෙලාව කැප කරලා, මේ උපසිරැසි හදන්නේ හුදෙක් මගේ විනෝදය සහ මගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන්. වචනයකින් හෝ මාව දිරිගන්වපු අයව මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා.


එහෙනම්, හැමෝම මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න!!


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page