top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Vesper (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Vesper (2022) ලස්සන විද්‍යා ප්‍රභන්ධයක්. මේ අවුරුද්දේ අපිට වැඩිය දකින්න නොලැබුණු චිත්‍රපටි වර්ගයක් තමයි විද්‍යා ප්‍රබන්ධ. ඒ අඩුව හොඳින් පුරවන්න මේ අළුත්ම චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. ප්‍රංශයේදී නිකුත් කෙරුණු මේ චිත්‍රපටිය, ඉතා ඉක්මනින් ලොව පුරා අවධානය දිනාගත්තා. Web ratings වලින් බැලුවත්, මේ ලිපිය ලිය‍නකොට, IMDB 6.2, Rotten Tomatoes 89%, Metacritic 70%, Google Users 69% ලබාගෙන තියෙනවා.


Kristina Buožytė සහ Bruno Samper තමයි මේකේ අධ්‍යක්‍ෂකවරුන්. Kristina Buožytė සහ Brian Clark විසින් රචිත කතාවක් තමයි මෙයාලා චිත්‍රපටියට නගලා තියෙන්නේ. ප්‍රංශයේ Condor Entertainments ආයතනය තමයි ලොව පුරා චිත්‍රපටිය බෙදාහැරීමේ වගකීම අරගෙන තියෙන්නේ. මේ වෙනකොට යුරෝ මිලියන 5ක වගේ වියදමකින් හැදුනු චිත්‍රපටිය, ඩොලර් මිලියන 910කට ආසන්න ප්‍රමාණයක ආදායමක් ලබාගෙන තියෙනවා.




රඟපෑමෙන් දායක වෙන්නෙත් ඉතා සුළු පිරිසක්. මොකද, මේක වැඩි චරිත ප්‍රමාණයක් වටා දිවෙන කතාවක් නොවන නිසා. හැබැයි, ප්‍රධාන චරිත රඟපාන අය, ඉතා හොඳින් ඒ කාර්යභාරය ඉටු කරලා තියෙනවා. Raffiella Chapman (වෙස්පර්), Eddie Marsan (ජෝනාස්), Rosy McEwen (කැමීලියා), Richard Brake (ඩැරියස්) තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ.


මේ උපසිරැසිය ගැන තව දෙයක් කියන්න ඕනේ. මේක මම පළවෙනි වතාවට Hearing Impaired උපසිරැසියක් කරපු වතාව. ඒ කියන්නේ, කන් ඇහෙන්නේ නැති අයට, පසුබිම් ශබ්ධ උපසිරැසියකින් කියන එක. මේක සිංහලට කොච්චර සාර්ථකද කියලා කියන්න ඕනේ මේක පාවිච්චි කරන ඔයාලා. ම‍ගේ මේ උත්සාහය දිගටම කරන්න ඕනේද කියලාත් තීරණය කරන්න ඕනේ ඔයාලා. මේකට ලැබෙන ප්‍රතිචාර මත, ඉස්සරහටත් ඒ වගේ උපසිරැසි කරනවාද නැද්ද කියලා තීරණය කරනවා.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. මේක අනාගත ලෝකය ගැන කියවෙන කතාවක්‍. විද්‍යා ප්‍රබන්ධයක්නේ. මේක සිදුවෙන කාලයේ, පෘථිවිය ගැන, චිත්‍රපටිය පටන්ගන්නකොට මේ වගේ කියනවා.


නව අඳුරු යුගය. [අනාගතය]

මිනිස් ප්‍රජාව උත්සාහ කලා, සිදුවීමට යන පාරිසරික විනාශය

නවත්තන්න, ජාන තාක්ෂණයට වැඩිපුර ආයෝජනය කිරීමෙන්.

ඒක අසාර්ථක වුනා.

මිනිසා හදපු වෛරස් සහ ජීවීන් එලියට පැනගත්තා.

එයාලා කන්න පුළුවන් ගස්, සත්තු, මිනිසුන් විශාල ප්‍රමාණයක් විනාශ කලා.

රදළ ආණ්ඩුවක් බිහිවුණා, "සිතාඩෙල්" නම් වටකරපු නගර ඇතුලේ.

අනිත් හැමෝම ජීවත්වෙන්න වෙහෙසුනා.

ආහාර වශයෙන් තියෙන්නේ, සිතාඩෙල් වලින් ගෙ‍නෙන බීජ වල අස්වැන්න.

කොහොමවුනත්, ඒවා නිර්මාණය කරලා තියෙන්නේ එක අස්වැන්නකට පමණයි.


ඉතිං මේ වගේ කාලයක, මේ වගේ ලෝකයක, වෙස්පර් නැමැති පොඩි ගැහැණු ළමයෙක් ජීවත්වෙන්න දරණ උත්සාහය තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ‍මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! උපසිරැසිය බලලා, ඒ ගැන වචනයක් කියන්නත් අමතක කරන්න එපා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page