top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

A Dog Named Palma (සිංහල උපසිරැසි)

Nilusha Hemal Alahakoon

A Dog Named Palma (2021) චිත්‍රපටිය නිපදවෙන්නේ තවත් සත්‍ය කතාවක සිනමා දිගහැරුමක් විදියට. 1974 - 1976 අතර කාලයේදී රුසියාවේ මොස්කවු වල නුකෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආශ්‍රිතව සිදුවූ සිදුවීමක් තමයි මේ විදියට සිනමාවට නගලා තියෙන්නේ. මේ සත්‍ය කතාවේ බල්ලා, ඇත්තටම අවුරුදු දෙකක කාලයක්, ගුවන්තො‍ටුපොලේ බලාගෙන ඉඳලා තියෙනවාලු. මේ සිදුවීම අලලා නවකතාවකුත් රචනා වෙලා තියෙනවා. චිත්‍රපටියටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ලිපිය ලියනකොට IMDB 6.9, Google Users 89% කැමැත්ත පලකරලා තිබ්බා.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ළමා චිත්‍රපටි ගනනාවක් අධ්‍යක්ෂණය කරපු Aleksandr Domogarov විසින්. සත්‍ය කතාව සහ නවකතාව පදනම් කරගෙන, තිර රචනය කරලා තියෙන්නෙත් ඔහුමයි. රඟපෑමට රුසියාවේ දක්ෂ බලු නිලියක් තෝරගෙන තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. Liliya (පැල්මා), Viktor Dobronravov (ව්‍යාචෙස්ලව් යූරිවිච්), Leonid Basov (කොල්යා), Valeriya Fedorovich (නීනා) ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය දෙනවා.


කතාව කෙටියෙන් කියනවා නම්, පොල්ස්කි හට විදේශ රටක ඉහල තනතුරක රැකියාවකට යන්න සිදුවෙනවා. හැබැයි, මෙයාගේ බලු සුරතලාට, පැල්මාට, මේ ගමන යන්න අවසර ලැබෙන්නේ නෑ. එ් නිසා ඔහු පැල්මාව ගුවන්තොටුපොලේ අතහැරලා දාලා යනවා. මේ විදියට අතරමං වුණු පැල්මාට ආදරය ලැබෙන්නේ කොල්යා නැමැති කුඩා දරුවෙක්ගෙන්. පැල්මා, කොල්යා සහ පොල්ස්කි අතර සිදුවෙන මේ සිදුවීම ගැන වැඩිවිස්තර දැනගන්න නම්, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය නරඹන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Commentaires


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page