top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Archons (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Archons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී නිකුත් කලත්, හැමතැනම තියෙන්නේ 2018 චිත්‍රපටියක් විදියට. මේක Hammer of the Gods නමින් කැනඩාවේ තිර ගත වුනා කියලා එක තැනක සදහන් වෙලා තිබ්බා. තාම වැඩි දෙනෙක් මේ ගැන අදහස් පල කරලා නැති නිසා ratings ගොඩාක් අඩුයි.


මේ සිනමා පටය නිෂ්පාදනය වෙන්නේ කැනඩාවේ. Nick Szostakiwskyj විසින් ලියපු කතාවක් ඔහුම තමයි අධ්‍යක්ෂණය කරන්නේ. Josh Collins, Rob Raco, Samantha Carly සහ Parmiss Sehat ඇතුලු පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා.


කතාව: ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක්, තමන්ගේ ප්‍රසංග පවත්වමින් ලෝකේ වටේ යනවා. කණ්ඩායමේ ගීත රචක සහ සංගීත නිර්මාණකරුවාගේ මානසික තත්වය ඉහල නැංවීම සඳහා, බෝට්ටු සවාරියක් යන්න යෝජනා කරන්නේ ඔහුමයි. මේ කතාවේ තියෙන්නේ ඒ බෝට්ටු සවාරිය අතරමැදදී එයාලාට මුහුණ දෙන්න වෙන අත්භූත සිදුවීම් ගැන. රේඩියෝ සංවාද නිකම්ම අතහරින්න එපා. ඒක කතාව තේරුම් ගන්න හරිම වැදගත්.


මේ කතාව ගොඩාක් මත්ද්‍රව්‍ය භාවිතය ගැන තියෙන්නේ. නිතරම නරක වචන භාවිතා වෙනවා. මම පුළුවන් තරම් ඒවා හොඳ විදියට ලිවුවත්, ඉංග්‍රිසියෙන් අහන අයට ඒවා කුණුහරුප. ඔන්න කලින්ම කිව්වා.


මේ ගැන විස්තර බලන්න මෙන්න මේ ලින්ක් වලින්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page