top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Barbie (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි බෝනික්කලාත් ඉන්නවා නම්? මේ කතාව කියන්න යන්නේ ඒ වගේ බාබිලා ජීවත්වෙන බාබිලන්තයක් ගැන. මේ බාබිලන්තයේ හැමදේම තියෙනවා. හැම කෙනාටම විශේෂිත වූ වැඩක් තියෙනවා. ඒ අතරේ එක බාබි කෙනෙකුට අවුලක් වෙනවා. මෙයාට ඇයගේ ලෝකය සහ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ ඇත්ත ලෝකේ සහ බාබිලන්තය අතර වෙනස හොයාගන්න බැරිව. මේ ගැටළුව විසඳගන්නේ කොහොමද?


මුලින්ම මම මේ චිත්‍රපටිය බලනකොට කල්පනා කලේ, මේ වගේ තේමාවක් ඇත්ත මිනිස්සු යොදාගෙන කරන එක සාර්ථකද කියලා. මොකද මම බලාපොරොත්තු වුනේ මේක ඇනිමේෂන් එකක් වෙයි කියලා. බාබිලා නේ. හැබැයි, මේ චිත්‍රපටිය බලකොට තමයි තේරුනේ, මේක කොච්චර වෙනස්ද කියලා. රඟපෑමෙන් දායක වෙන හැමෝමත්, අධ්‍යක්ෂණය කරපු කාන්තාව වුනත් තම තමන්ගේ කාර්යයන් ඉතා මැනවින් කරලා තියෙනවා.


චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 100ක වගේ මුදලක් යොදවලා. හැබැයි, මේ වෙනකොට ඇමරිකාවේ සහ කැනඩාවේ පමණක් ඩොලර් මිලියට 622ක් උපයගෙන තියෙනවා. ලෝකය පුරා බෙදාහැරීම් වලින් මේ වෙනවිට උපයගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 1405.6 ක්ලු. ඩොලර් බිලියන එක හමාරක් විතර. බලන්න කොච්චර ආදායම් අතින් සාර්ථකත්වයක් අරගෙනද කියලා. ඒ අතින් Warner Bros. සමාගමේ ඉතා ලොකු පිම්මක් කියලා මේක හඳුන්වන්න පුළුවන්.




Web ratings අතින් බැලුවත් ඉතා හොඳ මට්ටමේ තියෙන චිත්‍රපටියක් මේ. මම මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDb 7.2, Rotten Tomatoes 88%, Google Users 79% මේකට තම කැමැත්ත පළකරලා තියෙනවා.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ ඇමරිකානු ජාතික Greta Gerwig විසින්. මේ තිර රචනය සඳහාත් ඇය දායක වෙලා තියෙනවා. මටෙල් සමාගමේ බාබි කියන බෝනික්කා චරිතය ඇසුරෙන් තමයි චිත්‍රපටි කතාව නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Margot Robbie (බාබි), Issa Rae (ජනාධිපති බාබි), Kate McKinnon (අමුතු බාබි), Alexandra Shipp (ලේඛක බාබි), Ryan Gosling (වෙරළ කෙන්), Ariana Greenblatt (සාෂා), America Ferrera (ග්ලෝරියා) ඇතුළු විශාල පිරිසක්.


මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න ඔයාලාටත් ආරාධනා කරනවා. මම හැමදාම කියනවා වගේ, මේ චිත්‍රපටි උපසිරැසි වල තියෙන අඩුපාඩු, ගුණ දොස්, වැරදි, හොඳ නරක අපිට කියන්න. ඒවා අපිට අපේ උපසිරැසි ගුණාත්මක කරගන්න උදව්වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page