top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Blue Miracle (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Blue Miracle (2021) මේ අවුරුද්දේ මෙක්සිකෝවේ නිෂ්පාදනය වෙච්ච තවත් Netflix චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. මෙක්සිකෝවේ කාබෝ දූපතේ සුළු පරිමාණයෙන් ආරම්භ කෙරුණු පිරිමි අනාත නිවාසයක පැවැත්ම තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙන්නේ. සත්‍ය සිදුවීම් ඇසුරෙන් චිත්‍රපටි කොතෙකුත් නිෂ්පාදනය වුනත්, මේකේ විශේෂත්වය වෙන්නේ මේ කතාවේ ඉන්න සියළුම දෙනා තාමත් ජීවතුන් අතර සිටීමත් සහ මෙහි එන සියළුම ස්ථාන සහ සිදුවීම් අදටත් එලෙසම පවත්වාගෙන යෑමයි. 2021 මැයි මාසේ 27 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටියට ලැබිලා තියෙන ratings මෙහෙමයි. IMDB 6.7, RottenTomatoes68%, Metacritic 48%, Google Users 76%.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Julio Quintana කියන දක්ෂ කෙටි චිත්‍රපටි නිපදවන්නා. මේ කතාවේ ගවේෂණය කරලා තියෙන්නේත් මොහුමයි. තිර රචනයක් විදියට ලියන්න ඔහු Chris Dowling ගේ සහාය ගත්තාලු. රඟපෑමෙන් දායක වෙන්නේ වෙනස්ම විදියේ නළු නිළියන් පිරිසක්. ඔවුන්ගේ දක්ෂතාවය නිසා මේ චිත්‍රපටිය ලස්සන කතාවක් වෙලා. රඟපෑමෙන් Dennis Quaid (වේඩ්), Jimmy Gonzales (ඕමාර්), Bruce McGill (බිස්බි), Fernanda Urrejola (බෙකා) ඇතුළු පිරිසක් දායක වෙනවා.


මේ චිත්‍රපටිය ගැන මට කිව්වේ පසිඳු මධුරංග සහෝදරයා. ඔන්න එයාගේ ඉල්ලීම ඉටුකලා.


කතාව කෙටියෙන් කියනවානම්, කාසා හෝගර් කියන අනාත නිවාසය මෙක්සිකෝවේ කාබෝ දූපතේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න වලින් පෙලෙන ඒ කට්ටිය‍ට බැංකුවෙන් ගත්ත ණයක් පියවන්න, අනාත නිවාසය පවත්වාගෙන යන ‍ගොඩනැගිල්ල ආපහු දෙන්න වෙනවා. මේකෙන් බේරෙන්න ඕමාර් තෝරගන්නේ මාළු අල්ලන තරඟාවලියක්. ඒකේ දිනන මුදලින් අනාත නිවාසය බේරගන්න. මෙයාලාගේ උත්සාහය සාර්ථක වෙයිද?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1 Comment


Thank you 🙂

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page