top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Congrats my Ex! (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ජෑන් සහ අඔ්ෆි එක්ක. එයාලාට ලැබෙනවා, ලොකු ගානක් හොයාගන්න අවස්ථාවක්. ඒක ඉන්දියානු විවාහයක් සැලසුම් කරලා, කළමණාකරනය කරලා දෙන්න. රීසා මේ වෙලාවේ ඉන්නේ, බංකොලොත් වෙන්න ඉතා ආසන්නයේ. ඒ නිසා, ඇය කිසිම දෙයක් නොසිතා, ඒ වැඩේ බාරගන්නවා.


හැමදේම අනිත් පැත්ත හැරෙන්නේ, මේ විවාහය කාගෙද කියලා දැනගත්තාම. ඒ රීසාගේ හිටපු පෙම්වතා. ඒ වගේම, දැනටත් හිතේ ඉන්න සිහින කුමාරයාගේ. ඒ අරුන්. එයාගේ අත ගන්න මොනිකා සූදානම් වෙලා. දැන්, රීසා කොහොමද එයාගේ හිටපු පෙම්වතාගේ විවාහය සැලසුම් කරන්නේ? මේක තමයි අද මම අරගෙන ආපු චිත්‍රපටියේ කතා සාරාංශය.


ප්‍රහසනාත්මක චිත්‍රපටියක් තමයි මේ. මුල ඉඳලාම කම්මැලි නැතුව, මුවට නැගුණු සිනහව අයින් කරගන්නේ නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. තායිලන්තයේ සිද්ධ වෙන කතාවක් නිසා, වැඩිපුරම තායි භාෂාව තමයි තියෙන්නේ. ඒත්, අරුන් කියන්නේ ඉන්දියානු කොල්ලෙක්. ඒ නිසා, ඉංග්‍රීසි භාෂාවෙන් තමයි එයාලා කතා කරන්නේ. හැබැයි, ඒ අතරට හිංදි භාෂාවත් ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා වෙනස් විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් චිත්‍රපටියක් මේක.


Prueksa Amaruji විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, ඔහුගේම කතා සංකල්පයක් අනුව ලියැවුණු එකක්. Benetone Films විසින් ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Ranee Campen (රීසා), Vachirawit Chivaaree (ටිම්), Mahir Pandhi (අරුන්), Anahita Bhooshan (මොනිකා), Fern-Passakorn Ponlaboon (ජෑන්) ඇතුළු පිරිසක්.


ලස්සන වටපිටාවක්, චරිත ටිකක්, භාෂාවක්, තේමාවක් එක්ක චිත්‍රපටිය නරඹන්න ඔයාලාත් එන්න. මේ සිංහල උපසිරැසිය ඒකට උපකාරයක් වේවි කියලා හිතනවා. එහෙනම්, හැමෝම සිංහලෙන් රසවිඳින්න! හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත් සිංහල උපසිරැසි එක්කම.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page