top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Crisis (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Crisis (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්‍රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත් එක් චිත්‍රපටියක් තමයි මේ. මේකත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සමාජයට සිදුවෙන හානියක් ගැන ලොකු කතාවක්, ලස්සනට කියන්න මේ චිත්‍රපටිය උත්සාහ දරලා තියෙනවා. ඒ නිසාම රේටිං වලින් IMDB 6.1, RottenTomatoes 65%, Metacritic 40%, Google Users 73% මේ ලිපිය ලියනකොට ලබාගෙන තිබ්බා.


Nicholas Jarecki කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින් ලියා තිර රචනය කොට, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් මේක. ඔහුත් මේ චිත්‍රපටියේ ස්ටැන් ගේ චරිතය රඟපානවා. ලොකු කතාවක් දිවෙන නිසා, නළු නිලියන් ගොඩාක් යොදාගන්න මෙයාලාට සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරට එක්වෙනවා Gary Oldman (ටයිරෝන්), Armie Hammer (ජේක්), Evangeline Lilly (ක්ලෙයාර්), Michelle Rodriguez (ගැරට්) ඇතුලු පිරිසක්.


කතාව ගැන කෙටියෙන් යමක් ලියන්නම්. මේක කතා තුනක්. මහා පරිමාණ වේදනා නාශක නිපදවන සමාගමක අළුත් නිෂ්පාදනය හඳුන්වාදෙන්න කලින්, ඒ ගැන පරීක්ෂණ කරන්න භාර දෙන්නේ ආචාර්ය ටය‍ිරෝන්ට. ඔහු සොයාගන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දේවල්. වේදනා නාශක පෙති වැඩිපුර අරගෙන මියගියා කියපු දරුවෙකු‍ගේ අම්මා කෙනෙක් වන ක්ලෙයාර්, ඒ කතාව පිලිගන්න කැමති නෑ. ඇයට විශ්වාසයි ඇයගේ දරුවා එවැනි වැඩක් නොකරන බව. ඇය මේ මරණය ගැන කුමක් කරනවාද? දක්ෂ වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් විදියට ක්‍රියාත්මක වෙන ජේක්, එම ජාවාරමේ මහ මොළ කරු අල්ලා ගැනීමට අවුරුදු ගානක් සිට සැලසුම් සකස් කරනවා. ඔහුගේ මෙහෙයුම මොනවගේ වෙයිද? අවසානයේ මේ සිදුවීම් සියල්ල එක තැනකට එනවා. ඒ කොහොමද? මේවාගේ සම්බන්ධය කොහොමද වෙන්නේ?


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මෙතනින්....






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



1 Comment


Thank you 🙂❤

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page