top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Encanto (2021) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ නිකුත් කෙරුණු, Disney චිත්‍රපටියකට තමයි අද මම උපසිරැසි අරගෙන ආවේ. Encanto (2021). ඩිස්නි ආයතනය විසින් නිෂ්පාදනය කරපු පහුගිය ඇනිමේෂන් චිත්‍රපටි වැඩි ප්‍රේක්ෂක මනාපයක් අරගන්න බැරි වුනත්, මේ චිත්‍රපටිය සියළුදෙනාගේ පැසසුමට ලක්වුනා. සංගීතමය චිත්‍රපටියක තිබිය යුතු සියළු ගුණාංග මේකට ඇතුලත් වෙලා තියෙනවා. මේ ලිපිය ලියන මොහොතේ ratings ගැන බැලුවොත්, IMDB 7.3, RottenTomatoes 90%, Metacritic 76%, Google Users 89%. මේක ලොකු අගයක් කියලා පේනවානේ.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jared Bush, Byron Howard, Charise Castro Smith තුන් කට්ටුව. ඇනි‍මේෂන් චිත්‍රපටියක් කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මෙයා‍ලා ඒක සාර්ථකව නිම කරලා තියෙනවා. කතාව Byron Howard ගේ. එයාගේ කතාවට පාදක කරගෙන Charise Castro Smith සහ Jared Bush දෙදෙනා තමයි තිර රචනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියට කටහඬින් දායක වෙලා තියෙනවා Stephanie Beatriz (මිරාබෙල්), María Cecilia Botero (ආච්චි), John Leguizamo (බෘනෝ), Jessica Darrow (ලුසියා) ඇතුළු විශාල පිරිසක්.


කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. තුන් නිවුන් දරුවන් බිහිකරපු මවක් සහ පියෙක්, ගමක සිදුවූ සටන් හේතුවෙන්, නව නිවහනක් සොයා යනවා. මේ ගමනට ගමේ තව කිහිපදෙනෙකුත් ඉදිරිපත් වෙනවා. හැබැයි, අතරමගදී පියා තේරුම්ගන්නවා මේ ගමන එකට යාමට වඩා සුදුසු වෙන්ව යාම බව. මෙලෙස වෙන්වූ තුන් දරු මවට, විශාල ආශ්චර්යයක් පහල වෙනවා. කදු වලින් වටවූ ගමක්, පණ තියෙන නිවහනක්, සෑම දරුවෙකුටම සුපිරි බලයක් ලැබෙනවා. ඒ හැකියාවන් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. හැබැයි, එක මිණිබිරියකට, මිරාබෙල්ට, කිසිඳු හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ එයාගේ කතාව.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page