top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Expend4bles (2023) (Expendables) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Expend4bles (2023) චිත්‍රපටිය කියන්නේ මෑතකදී නිකුත් කෙරෙණු තවත් එක් ක්‍රියාදාම චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක හතරවෙනි එක. කලින් ඒවා බලපු අය දන්නවා ඇති, The Expendables (2010), The Expendables 2 (2012), The Expendables 3 (2014) එලි දැක්වුණා. දැන් අවුරුදු නමයකට පස්සේ, හතරවෙනි කොටස නිකුත් කරන්නේ. කොවිඩ් වගේ විවිධ බාධක නිසා කල්දැමුණු චිත්‍රපටිය, අවසානයේදී මේ අවුරුද්දේ නිකුත් කලේ, චීනයේදී.


මෑත කාලයේ චිත්‍රපටි ගත්තාම, ගොඩාක් තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවානේ. පසුතල නිර්මාණ සහ සටන් නිර්මාණ වලදී අළුත් තාක්ෂණය යොදාගෙන, ගොඩාක් තාත්වික විදියට කරන්න, අළුත් අධ්‍යක්ෂකවරුන් යොමුවෙනවා. හැබැයි, මේ චිත්‍රපටියේ යොදාගෙන තියෙන graphic designs ගැන වැඩි දෙනෙක්ගේ තියෙන්නේ නොපැහැදීමක්. මීට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා තමයි වැඩි දෙනාගේ මතය. මේ තරම් සිනමාවේ දැවැන්තයන් එක්ක කරණ නිර්මාණයක්, මෙහෙම විය යුතු නැති බව තමයි කියවෙන්නේ.


මේ හතරවෙනි කතාව දිවෙන්නේ ලිබියාවේදී සිදුවෙන ආයුධ මංකොල්ලයක් එක්ක. මේ මෙහෙයුම සඳහා අපේ කණ්ඩායම යවනවා. හැබැයි, ඒ මෙහෙයුමේදී කවුරුවත් බලාපොරොත්තු නොවන දෙයක් සිද්ධ වෙනවා. මේක සියළු දෙනාගේ අනාගතයට කෙලින්ම බලපාන දෙයක්. ඒ මෙහෙයුමෙන් පස්සේ කරන දෙවෙනි මෙහෙයුමත් ඒකටම සම්බන්ධ බව තේරෙන්නේ ගොඩාක් පස්සේ. මේ දේවල් වෙන්නේ කොහොමද කියලා බලන්න, ඔයාලාටත් ආරාධනා කරනවා.


කවුරු මොන දේ කිව්වාත්, චිත්‍රපටිය එක දිගට බලන්න පුළුවන් එකක්. වෙලාව ගතවෙනවා දැනෙන්නේවත් නෑ. කතා කරන වචන ටිකක් සැර පරුෂයි, මම ඒවා පුළුවන් තරම් හොඳ වචනයෙන් ලිව්වා, ඒත් ඇහෙනවානේ.... අනිත් එක, මෙයාලා කොහොමහරි ඉලක්ක කරගත්ත ආදායම ලබාගෙන තියෙනවා. මේ වෙනකොටත් ඩොලර් මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් උපයගෙන තියෙනවා කියලා තමයි ආදායම් වාර්ථා වල තියෙන්නේ.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂක Scott Waugh විසින්. David Callaham ගේ සිතේ ඇඳුණු චරිත පදනම් කරගෙන තමයි කතාව නිර්මාණය කරලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Jason Statham (ලී ක්‍රිස්මස්), Sylvester Stallone (බානි රොස්), Curtis "50 Cent" Jackson (ඊසි ඩේ), Megan Fox (ජීනා) ඇතුළු පිරිසක්.


එහෙනම්, සුපුරුදු පරිදි, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page