top of page

Extraction 2 (2023) සිංහල උපසිරැසි


Extraction (2020) චිත්‍රපටිය බලපු අයට මතක ඇති, කතාව ඉවර වුනේ, බංගලාදේශයේ ඩකා වලදී සිද්ධ වුණු දරුණු සටනකින් පස්සේ, ටයිලර් රේක් මාරාන්තික තුවාල ලබලා, පාලමෙන් වැටිලා. මේ ඒ කතාවේ ඉදිරි දිගහැරුමක්.


ටයිලර් රේක් මාරාන්තික තුවාලත් එක්ක, ගගේ පහල ප්‍රදේශයේදී හමුවෙනවා. මාස කීපයක් කොමා තත්වයක පසුවෙන ටයිලර්, අවසානයේ සුවය ලබලා එලියට එන්නේ, නැවත ඒ වගේ සටන් කරන්න සුදුසු මානසික හෝ කායික තත්වයකින් නෙමෙයි. ඒ නිසා, විශ්‍රාම ගැනීමේ අරමුණෙන් ඈත කඳුකරයේ පොඩි කුටියකට ටයිලර්ව ගෙන එන්නේ, නික් සහ යෑස් විසින්. මේ විශ්‍රාම සුවය වැඩි කාලයක් අත් විඳින්න ටයිලර්ට හැකිවෙන්නේ නෑ. ඒ, ඔහුට ලැබෙන අළුත්ම වැඩක් නිසා. මේක බෑ කියලා අතහරින්න බැරි එකක් නිසා, කණ්ඩායමත් ඒකතු කරගෙන, ආරම්භ කරන මෙහෙයුම, නවතින්නේ බලාපොරොත්තු නොවුන දේවල් ගොඩාක් සමඟින්. ඒ ගැන, චිත්‍රපටිය බලලාම දැනගන්න එක හොඳයි.


සුපුරුදු පරිදි ඇමරිකාවේ කොමික් පොත් (කාටූන් පොත්) රචනා කරන Ande Parks ගේ Ciudad පොත් මාලාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටියත් නිර්මාණය වෙන්නේ. Sam Hargrave විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. හැම හොඳ නිර්මාණයක්ම වගේ, මේකත් බෙදාහැරීමේ වගකීම අරගෙන තියෙන්නේ Netflix ආයතනය. රඟපෑමෙන් දායක වෙනවා, කලින් චිත්‍රපටියේ සියළුම දෙනාම වගේ මේ චිත්‍රපටියටත් රංගනයෙන් දායක වෙනවා. Chris Hemsworth (ටයිලර් රේක්), Golshifteh Farahani (නික්), Adam Bessa (යෑස්), Tinatin Dalakishvili (කේට්) ඇතුළු පිරිසක්.




චිත්‍රපටියේ ගොඩාක් දෙබස් තියෙන්නේ ජෝජියානු භාෂාවෙන් සහ ස්පාඤ්ඤ භාෂාවෙන්. මම ඒවා අඳුරගන්න පහසුවෙන්න, වෙන පාටකින් දැම්මා. මොකද මේ කතාව දිව යන්නේ, ජෝර්ජියානු සමභවයක් තියෙන පාතාල කල්ලියක් සමඟ නිසා.


චිත්‍රපටියේ Web ratings ගැනත් නොකියා ඉන්න හොඳ නෑ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 7.2, Rotten Tomatoes 76%, Google Users 94% මේකට තම කැමැත්ත දීලා තියෙනවා.


චිත්‍රපටියේ තව දැක්ක විශේෂ දෙයක් කියන්න අවශ්‍යයි කියලා හිතුවා. චිත්‍රපටිය මුල් කොටසේ තියෙනවා එක දිගට එක පෙළට රූගත කරපු දර්ශන පෙලක්. මේක විනාඩි 21ක් පුරා දිව යනවා. ඉතා හොඳ සැලසුමක් නැතුව ඒහෙම දෙයක් කරන එක හරිම අමාරු වැඩක්. ඒ කාර්යය ලස්සනට කරන්න, චිත්‍රපටියේ සියළුම දෙනා සක්‍රීයව දායක වෙලා තියෙනවා.


එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.

Extraction 2 (2023)
.zip
Download ZIP • 27KB

මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



20 views0 comments
bottom of page