top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Freaky (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන් තියෙන්නේ. මේකත් කලින් චීන චිත්‍රපටියක දැකලා තිබ්බ තේමාවක්. ඒත් කොපි කරලා නෑ. හොඳට කරලා තියෙනවා.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Landon විසින්. චිත්‍රපටි ලෝලියෝ නම් නම කිව්වාම දන්නවා ඇති. ඒත් මතක් කරන්නම්. මෙයා තමයි Happy Death Day 2U, Paranormal Activity වගේ චිත්‍රපටි වල කතාව ලියලා තියෙන්නේ. මේකත් මෙයාගේම කතාවක්. මේ චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙනවා අළුත් පරපුරේ දක්ෂ ලස්සන නිළියක් වන Kathryn Newton, Vince Vaughn, Celeste O'Connor සහ Dana Drori ඇතුළු පිරිසක්.


දැන් ratings ගැන කතාකරන වෙලාව. අද වෙනකොට, IMDB 6.6, Rotten Tomatoes 83%, Metacritic 66%, Google Users 85% ලබාගන්න සමත්වෙලා තියෙනවා. හොඳ අගයන් ටිකක්.


කතාව දිවෙන්නේ උසස් පාසලේ අධ්‍යාපනය ලබන වැඩිය ජනප්‍රිය නැති, කුලෑටි, ඒත් ලස්සන කෙල්ලෙක් වටා. මෙයා හැදෙන්‌නේ වැඩෙන්නේ අම්මාගේ තුරුලේ. මොකද අවුරුද්දකට කලින් තාත්තා නැතිවෙලා නිසා. ඒ පලාතේ දරුණු මිනීමරුවෙක් හිරෙන් පැනලා ඇවිත්, තරුණ තරුණියන් කිහිප දෙනෙක් මරනවා. ඊටපස්සේ අනපේක්ෂිත විදියට ගොදුර බවට පත්වෙන්‌නේ අපේ කතා නායිකාව මිලී. මිලීට මේකෙන් ගැලවෙන්න ලැබෙන්නේ, තව අත්භූත දෙයක් නිසා. මොකද්ද ඒ? මිලී බේරුනාත් තව ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒවා ගැන දැන ගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

2 comentarios


හම්මෝ ඇඟත් එක්ක කිළීපොලාගියා ඒකට.. බොහොම ස්තූතියි සහෝ..

Me gusta

බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා.!!!

Me gusta
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page