top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Friend But Married 2 AKA Teman Tapi Menikah (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

#FriendButMarried2 කලින් මේකේ පළවෙනි කොටසට (#FriendButMarried) මම උපසිරැසි දුන්නා. මේ දෙවෙනි කොටස. පළවෙනි කොටසට ලොකු සම්බන්ධයක් නැති වුනත්, ඒක බලලා හිටියොත් හොඳයි කියලායි මම හිතන්නේ. හොඳම යාළුවොන්ටත් බඳින්න පුළුවන්ද? එයාලා බැන්දොත් මොනවගේ වෙයිද? මේ සිනමා පටය ඒ මාතෘකාව ඔස්සේ තමයි ගලාගෙන යන්නේ.


ඉන්දුනීසියාවේ බාලි වල තමයි වැඩි හරියක් රූගත කරලා තියෙන්නේ. යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි. හැබැයි මේ බාලි දූපතේ මැද. අපේ වැඩි දෙනෙක් යන්නේ මුහුද ළගටනේ. පළවෙනි කොටස අධ්‍යක්ෂණය කරපු Rako Prijanto තමයි මේකත් කරන්නේ. අපේ ප්‍රධාන නිලිය නැතිවීම නම් හිතට දුකක්. ඒත් දැන් ඉන්න කෙල්ලත් පට්ට ලස්සනයි. රඟපෑමෙන් දායක වෙනවා Adipati Dolken, Mawar Eva de Jongh, Sp Lili ඇතුලු පිරිසක්.


කතාව: මුලිනුත් කිව්වානේ. අවුරුදු 13ක් හොඳම යාළුවෝ වගේ ඉඳලා, ආයු සහ ඩිටෝ බඳිනවා. දෙන්නා බලාපොරොත්තු වෙන්නේ හැමතැනම සවාරි ගහලා, ලෝකේ බලලා විනෝද වෙන්න. හැබැයි මෙයාලාට අනපේක්ෂිත කරදරයකට, නැත්නම් සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ මෙයාලාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. මේ කතාව දිවෙන්නේ හොඳම යාළුවෝ විදියට අවුරුදු ගානක් හිටපු, කවදාවත් තරහා නොවෙච්ච මේ දෙන්නා, කොහොමද පවුල් ජීවිතේ ගත කරන්නේ කියලා. ලස්සනට තාත්විකව මෙයාලාගේ පවුලේ කතාව හදලා තියෙනවා.


වැඩි විස්තර බලන්න පුළුවන් මේ තැන් වලින්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page