top of page

Funny Games (1997) සිංහල උපසිරැසි


Funny Games (1997) කියන්නේ ජර්මානු චිත්‍රපටියක්. වෙනස් විදියේ කතා තේමාවක් අරගෙන තමයි මේක නිපදවලා තියෙන්නේ. ඒ දවස් වල හැටියට මේක හොඳ නිෂ්පාදනයක්. මේ වගේ කතා ඒ කාලේ වැඩිය දකින්න නෑනේ. හැබැයි තාමත් මේක හොඳ මට්ටමේ කියලා තමයි විචාරකයෝ කියන්නේ.


ජර්මනියේ ඒ කාලේ අලුත් අධ්‍යක්ෂක කෙනෙක් Michael Haneke තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. කතා තේමාවත් මෙයාගෙමයි. රඟපෑමෙන් දායක වෙනවා Susanne Lothar, Ulrich Mühe, Arno Frisch සහ Frank Giering ඇතුළු පිරිසක්. මේකෙත් ප්‍රධාන චරි.ය කරන නිළිය හැඟීම් දක්ෂ විදියට පෙන්වමින් රඟපාන බව කිව යුතුමයි.


හැමෝම හෙයන අනිත් දේ රේටිං. IMDB එකේ අද වෙනකොට 7.6 කුත් Rotten Tomatoes වල 69% සහ එහිම Audience score 83% කුත් Google Users අයගෙන් 76% කුත් මේකට කැමති වෙලා තියෙනවා. අගයන් වලින් ගත්තොත් ලොකු අගයක් නිසා තමයි මම මේක පරිවර්තනයට පෙළඹුනේ.


මේක ගැන මට කිව්වේ Hashan M. Priyadarshana සහෝදරයා. එයාටත් ස්තූතියි.


මේකේ කතාව ගලායන්නේ, විවේකයක් අරගන්න හිතාගෙන තම පුතා සමඟ වැවක් අයිනේ තියෙන ගෙයකට එන යුවලක් වටා. මෙයාලා ගෙදරට ආපු දවසේම, ආපු වෙලාවෙම වගේ, කෙනෙක් එනවා බිත්තර ඉල්ලගන්න. එයාගේ තව යාළුවෙකුත් එනවා ඒ සමඟම. මේ දෙන්නා මානසික රෝගයකින් පෙලෙන කෘර මිනිස්සු කියලා දැනගන්නකොට ගොඩාක් ප්‍රමාද වෙලා. ඉතිං අපේ ප්‍රධාන පවුලට මෙයාලගෙන් බේරෙන්න පුළුවන්ද? කොහොමද? මොකද කට්ටියටම වෙන්නේ? මේවා දැනගන්න මේක බලන්නම වෙනවා.



චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.






චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




266 views0 comments
bottom of page