top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Girl (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක ජනප්‍රිය වෙයි කියලා විශ්වාසයි.


මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chad Faust විසින්. තිර රචනයත් එයාම ලියලා තමයි මේක කරලා තියෙන්නේ. චිත්‍රපටියට නළු නිලියන් තොරා ගැනීමත් හරිම වෙනස්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ ටිකක් දඩබ්බර පෙනුමක් තියෙන නිළියක්ව. Bella Thorne තමයි ඒ. තරුණ නිළියක් වුනාට, මේ වෙනකොට චිත්‍රපටි 50කට ආසන්න ප්‍රමාණයක් රගපාලා තියෙනවා. ඇය සමඟ රඟපෑමෙන් එක්වෙනවා Mickey Rourke, Chad Faust සහ Lanette Ware. අධ්‍යක්ෂණය සහ එක ප්‍රධාන චරිතයක් කිරිමත් ලේසි වැඩක් නෙමෙයිනේ.


Ratings ගැන හොයලා බැලුවොත්, IMDB 4.8, Rotten Tomatoes 64%, Google Users 77% වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා.


කතාව ගැන පොඩියෙන් කිව්වොත්, අපේ ප්‍රධාන නිලිය, චරිතය, යනවා එයාගේ තාත්තාව හොයාගෙන. මේ යන්නේ ආදරය නිසාවත්, තාත්තාව බලන්න හිතිලාවත් නෙමෙයි. තාත්තාව මරන්න හිතාගෙන. පොඩි කාලේ හිටපු ගමේ තාමත් ජීවත් වෙන තාත්තාව හොයාගෙන මෙයා යන්නේ අවුරුදු 15කට විතර පස්සේ. උපන් නගරයට ගිහින් කොහොමහරි තාත්තා ඉන්න තැන හොයාගන්න මේ කෙල්ලට හැකිවෙනවා. හැබැයි, තාත්තාව මරන්න යන මෙයාට ගෙදරදී දකින්න ලැබෙන්නේ නොසිතූ දෙයක්. තාත්තාව මරන්න යන ගමනේ දී හොයාගන්න ලැබෙන්නේ එයාගේ ජීවිතේ නොදැන හිටපු රහස් තොගයක්. මේවා ගැන දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

2 Comments


Charith Pramodya
Charith Pramodya
Dec 14, 2020

Thanks

Like

බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා.!

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page