top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

I.S.S. (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට ක්‍රියාත්මක ‍‍වෙන්නේ පර්යේෂණ මධ්‍යස්ථානයක් විදියට, තව විදියකට චන්ද්‍රිකා අතර සම්පත් හුවමාරුව හෝ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා. මේ මධ්‍යස්ථානයේ අයිතිය තියෙන්නේ රටවල් දෙකට එක හා සමානව තියෙනවා. ඒ වගේ ම, රටවල් දෙකේ සාමාජිකයන් සමාන ප්‍රමාණයක් තමයි ඒකේ ඉන්නේ. හැමදේම කරලා තියෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ වැදගත්කම රටවල් දෙක ම හොඳින් ම දන්න නිසා.


රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක් ඇතිවුනොත්, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මොකක් වෙයි ද? ඒකේ ජීවත් වෙන, රස්සාව කරන අයට මොකක් වෙයි ද? එයාලා එහෙම යුද්ධයකට දක්වන ප්‍රතිචාරය මොකක් වෙයි ද? මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ඒ සිදුවීම. වෙනස් විදියේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් චිත්‍රපටියක් මේක. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අය ජීවත් වෙන විදිය ගැන දකින්න පුළුවන් කතාව‍ක් මේ.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gabriela Cowperthwaite විසින්. මේක Nick Shafir ගේ සිතේ ඇඳුණු කතාවක්. කාලයක් මේ කතාව තහනම් කරලා තිබ්බා, සිදු ‍නො‍‍වෙන නමුත් සිදු විය හැකි සිදුවීමක් පදනම් කර‍ගෙන තියෙන නිසා. LD Entertainment විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, Bleecker Street ආයතනය විසින් ලොව පුරා බෙදා හැරියා. රඟපෑමෙන් දායක වුනා, Ariana DeBose (කීරා ෆොස්ටර්), Chris Messina (ගෝඩන්), John Gallagher Jr. (ක්‍රිස්ටියන්), Masha Mashkova (වෙරෝනිකා) ඇතුළු පිරිසක්.


එ‍හෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, උපසිරැසිය ගැන ගුණ දොස්, ගල් මල්, වැරදි අඩුපාඩු, හොඳ නරක අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page