top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

John Wick: Chapter 4 (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම අරගෙන ආවේ John Wick කතා මාලවේ හතරවෙනි කතාවට. මේ චිත්‍රපටිය විශේෂ ඒකක් විදියට තමයි හැමෝම දකින්නේ. ඒ්කට හේතු චිත්‍රපටිය බලන හැමෝටම තේරෙනවා. කලින් කතා බලලා නැති කෙනෙකුට වුනත්, මේ චිත්‍රපටිය තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ, මොකද මේක වැඩිය ඒ්වාට සම්බන්ධ කරලා නැති නිසා.


කලින් සියළුම කතා ලියලා තියෙන, ජෝන් වික් නිර්මාතෘ Derek Kolstad නෙමෙයි මේක ලියලා තියෙන්නේ. ඒ්ත්, ඒ් චරිතම පාදක කරගෙන Shay Hatten තමයි මේක ලියලා තියෙන්නේ. කිසිම අඩුපාඩුවක්, අසාධාරණයක් නොවෙන්න නිර්මාණය කරලා තියෙනවා. චිත්‍රපටිය රූගත කරන්න ප්‍රංශය, ජර්මනිය, නිව්යෝර්ක් නගරය සහ ජපානය යොදාගෙන තියෙනවා.


සුපුරුදු පරිදිම මේ චිත්‍රපටියත් අධ්‍යක‍ෂණය කලේ Chad Stahelski විසින්. Lionsgate ආයතනය තමයි මේ චිත්‍රපටියත් බෙදාහරින්න බාරගෙන තියෙන්නේ. මේවෙනකොටත් ඩොලර් මිලියන 430කට වඩා ආදායමක් උපයගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Keanu Reeves (ජෝන් වික්), Donnie Yen (කේන්), Bill Skarsgård (මාකීස්), Ian McShane (වින්ස්ටන්) ඇතුළු පිරිසක්. මේ හැමෝගේම නොමඳ දායකත්වය ලැබිලා තියෙනවා, චිත්‍රපටියේ සාර්ථකත්වයට.




වෙබ් රේටිං අරගෙන බැලුවොත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට චිත්‍රපටිය ලබාගෙන තිබ්බා, IMDb 8.1, Rotten Tomatoes 94%, Metacritic 78%, Google Users 95%. මේ ඉහළ රේටිං වලින්ම පේනවානේ මේක කොච්චර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තාද කියලා.


කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ජෝන් වික් අවසානයේ හොයාගන්නවා වටමේසයෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගයක්. නමුත් ඒ්ක කරන්න ලේසි නෑ. ඊට කලින්, එයාගේ පවුලේ නෑදෑයන් හොයාගන්නත්, ඒ අයගේ පලිගැනීමක් සම්පූර්ණ කරන්නත්, තව අළුත් බලවත් හතුරෙක් සමඟ සටන් කරන්නත් සිද්ධ වෙනවා. මේ ගැන දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.


එහෙනම් මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල අඩුපාඩු, ගුණ දොස්, ගල් මල්, හොඳ හෝ වැරදි අපිට කියන්න. ඒ අදහස් වලින්, අපිට පුළුවන් අපේ උපසිරැසි වල ගුණාත්මක භාවය තවත් වැඩි කරගන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page