top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Josee (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

කොරියානු චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අරගෙන ආවා ලස්සන ආදර කතාවක්. කොරියානු ආදර කතා බොහොමයක් හරිම සංවේදීයි. ඒ ආරෙටම ගිය, ගොඩාක් සංවේදී කතාවක් තමයි Josee (2020) කියන්නේ. සංවේදීව, ආදරෙන් එක දිගට බලන්න පුළුවන් වෙනස්ම මාදිලියේ කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඒ නිසාම මේක, වෛරසය තිබුණු අවුරුද්දක නිකුත් කෙරුනත්, ගොඩාක් ජනප්‍රිය වුනා. රේටිං අතිනුත් ඉහල තැනක මේක තියෙන්නේ. මේ ලිපිය ලියන විට, IMDB 6.8, iQiyi 8.6, Google Users 90% මේකට කැමැත්ත පලකරලා තියෙනවා.


Seiko Tanabe ගේ කෙටිකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටියේ කතාව මැවුනේ. Jong-kwan Kim ගේ දක්ෂ අධ්‍යක්ෂණය, මේ චිත්‍රපටිය තව තවත් වර්ණවත් කලා. වැඩිය දැගලිලි, හුරතල් නැති ආදර කතාවක් වුනත්, තෝරගත්ත නළු නිලියන් නිසා මේ චිත්‍රපටිය බලන්න ලස්සන එකක වුනා. Han Ji-min (ජොසී), Nam Joo-Hyuk (යන්-සූක්), Sung-Wook Lee (චෝයි-කන්) රංගනයෙන් දායක වෙනවා.


කතාව දිවයන්නේ, ආබාධිත කාන්තාවක් වන ජොසී වටා. ඇයගේ ලෝකය හරිම කුඩා එකක්. ඒකට අහම්බෙන් ඇතුල් වෙන්නේ යන්-සූක්. මේ තරුණ කොල්ල සහ ජොසී අතර සිදුවන ආත්මීය බැඳීම තමයි මේ කතාවේ තියෙන්‍නේ. ඒක ආදරයක්ද කියලා තීරණය ගැනීම ඔබ සතුයි. මේ ලස්සන චිත්‍රපටිය, මේ සිංහල උපසිරැසි සමඟින් රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page