top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Land of Bad (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

US හමුදාවේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් පිටත්වෙනවා, මුදවා ගැනීමේ මෙහෙයුමකට. ඒ රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු සපයන්නෙක්ව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අල්ලාගෙන ඇති බවට ලද තොරතුරක් මත ඔහුව බේරා ගැනීමට. මේ මෙහෙයුමට ලොකුම ශක්තිය වෙන්නේ, ඩ්‍රෝන ප්‍රහාරක යානාවක් ආධාරයෙන් අවට නිරීක්ෂණය කරන කණ්ඩායමක්. රීපර් ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන ඒ ඩ්‍රෝන මෙහෙයුම, අවට නිරීක්ෂණය කරමින්, ක්ෂේත්‍ර කණ්ඩායමේ කෙනෙක් සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා, ඉදිරියේ ඉන්න සතුරන් ගැන වගේම, ඉදිරි තත්වය ගැන ඔවුන් දැනුවත් කරමින්.


හදිස්සියේ සිදුවන සිදුවීමක් නිසා, මේ හැමදේම කණපිට පෙරලෙන්නේ කිසිවෙක් නොසිතූ විදියට. ප්ලේබෝයි, නැත්නම් සාජන් කීනි, තනිවෙන්නේ ඩ්‍රෝන අදහස් හුවමාරුව පමණක් ඉතිරි වෙමින්. අපේ මේ ප්ලේබෝයිට කණ්ඩායමේ අනිත් අයව බේරගන්න පුළුවන් වෙයිද? එයාලාට ඇත්තටම මොකක්ද වෙන්නේ? මුදවාගැනීමේ කණ්ඩායම එක්ක කොහොමද මෙයා කටයුතු කරන්නේ? මේවා තියෙන්නේ අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටියේ.


William Eubank විසින් අධ්‍යක්ෂණය කරපු David Frigerio විසින් රචනා කරපු චිත්‍රපටියක් තමයි මේ. යුධ වාතාවරණයක් වටා ගෙතුණු කතාවක් නිසා, නිරන්තරයෙන් තියෙන්නේ වෙඩි තියාගන්න, මරාගන්න දේවල්. ඒත්, ඊට යටින්, ජීවිත බේරගන්න කරන අරගලයක් මේ චිත්‍රපටියේ තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Liam Hemsworth (සාජන් කීනී, ප්ලේබෝයි), Russell Crowe (කපිතාන් එඩී, රීපර්), Luke Hemsworth (සාජන් ඒබල්), Ricky Whittle (සාජන් බිෂොප්) ඇතුළු පිරිසක්.


ඇමරිකාවේ චිත්‍රපටියක් වුනත්, සම්පූර්ණ චිත්‍රපටියම රූගත කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් වල.


රඟපාන අයගේ නම් කියවද්දී, පුරුදු වාසගමක් දකින්න ඇති. ඒ Thor ගේ චරිතය කරන Chris Hemsworth. මේ ඒකම වාසගම තියෙන දෙන්නා, ක්‍රිස්ගේ සහෝදරයෝ. ඇත්ත ජීවිතයේ සහෝදරයන් මෙහෙම එකම චිත්‍රපටියක දකින්න ලැබීම, ටිකක් වෙනස් දෙයක්.


මේ ලිපිය ලියන මොහොත වෙනකොට චිත්‍රපටිය ලබාගෙන තිබ්බ web ratings ගැනත් මතක් කරන්න කැමතියි. IMDb 6.5, Rotten Tomatoes 60%, Metacritic 57%, Google Users 85% අරගෙන තිබ්බා. කොහොමවුනත් චිත්‍රපටිය මේ වෙනකොටත් ඇමරිකානු ඩොලර් මිලියන 18.7කට වැඩි මුදලක් උපයාගෙන අවසානයි.


එහෙනම් හැමෝම මේ සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රසවිඳින්න. උපසිරැසිය ගැන හොඳ නරක, ගල් මල්, වැරදි අඩුපාඩු, යෝජනා චෝදනා අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page