top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Let Him Go (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon


Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන්, ලස්සන කතා තේමාවක්.


ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. Let Him Go නමින්ම ඒ නවකතාව ලියලා තියෙන්නේ Larry Watson. මේ නවකතාව තිර පිටපතක් බවට පත්කරලා, චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thomas Bezucha විසින්. ඉතා දක්ෂ තිර රචනයක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Diane Lane, Kevin Costner, Lesley Manville සහ Kayli Carter ඇතුළු පිරිසක්. රගපෑම්. අධ්‍යක්ෂණය සියල්ල හොඳින් සිදුවෙලා තියෙනවා.


Ratings ගැන කියනවා නම්, IMDB 6.7, Rotten Tomatoes 81%, Metacritic 64%, Google users 71% අද වෙනකොට මේකට කැමැත්ත දීලා තියෙනවා.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ගම්බදව ජීවත් වෙන යුවලක් තමන්ගේ මුණුබුරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. මේ සීයා හිටපු ෂෙරිෆ් කෙනෙක්. ඒත් අවාසනාවට එයාලාගේ පුතා මියයනවා. ලේලි වෙන කෙනෙක් සමග විවාහ වෙලා යනවා. හැබැයි මේ ආච්චිට හොයාගන්න ලැබෙනවා, මේ අළුත් කුඩප්පා, මුණුබුරාට සළකන්නේ නැ කියලා. ඒවගේම මුණුපුරාටත් ගහනවා කියලා. මේ ගැන කතා කරන්න යනකොට, ඒ යුවල ගම අතහැරලා දාලා ගිහින්. ඉතින් මේ ආච්චි සීයා දෙන්නා මුණුබුරා හොයාගෙන යන ගමන තමයි ප්‍රධාන කතාව. මේ ගමනේදී මෙයාලාට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්න බැරි දේවල් වලට. මුණු බුරාගේ අළුත් තාත්තා ගේ පවුල මොනතරම් භයානකද කියලා දැනගන්නේ එහෙට ගියාම. මේ කතාව ගැන දිගටම දැනගන්න, මේ චිත්‍රපටිය බලන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.




උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


1 Comment


බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️...

ජය වේවා.! 👊👊👊

Like
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page