Love and Monsters (2020) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Nov 22, 2020
- 1 min read

ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න ගත්තේ මේක ඇමරිකාවේ නිකුත් කලාට පස්සේ. අනාගතය ගැන ආදරය ගැන කතා කරන නිසා මේක ඉක්මනින්ම ජනප්‍රිය එකක් වුනා.
ගොඩාක් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විසින් නිර්මාණය වෙච්ච කතාවක් තමයි මේක. එයා Michael Matthews. මෙයා රගපෑමට තෝර ගන්නෙත්, ඒ චරිත වලට දැනට ඉන්න හොඳම නලුවා හරි නිලිය හරි කිව්වොත් නිවරදියි. මේකේ රගපෑමෙන් දායක වන්නේ Dylan O'Brien, Jessica Henwick, Michael Rooker සහ Ariana Greenblatt (මීනෝ) යන පිරිසයි. කුඩා දරුවෙක් වන මීනෝ ගේ චරිතය රගපාන ගැහැණු ළමයා, ඉතා දක්ෂ රංගනයක යෙදෙන බව නොකියාම බෑ.
කතාව: අනාගතයේදී සිදුවන එක්තරා සිදුවීමකින් ලෝකය ගොඩාක් දුරට විනාශ වෙනවා. මේකේ අතුරු පලයක් විදියට, සීතල ලේ තියෙන සත්තුන්ගේ ජාන විකෘති වෙනවා. මේ සමහර සත්තු යක්ෂයන් වගේ. මේ අතරේ ජීවිතය බේරා ගත් මිනිස්සු පිරිසක් තැන් තැන් වල ජීවත් වෙනවා. ජොයෙල් දැන ගන්නවා තමන්ගේ පෙම්වතිය ඉන්නේ හැතැක්ම 85ක් ඈත කොළණියක කියලා. මේ කතාව තියෙන්නේ ඇයව සොයාගෙන යන ගමනේදී, ජොයෙල්ට මුහුණ පාන්න වෙච්ච දේවල්..
වැඩි විස්තර කියවන්න කැමති නම් මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.
චිත්‍රපටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
ලස්සන ෆිල්ම් එකක්, බොහොම ස්තූතියි සහෝ..