top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Madame Web (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

2024 අවුරුද්දේ Marvels ආයතනය විසින් සෝනි ආයතනය සමඟ එකතු වෙලා, තවත් විශ්වයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. කලින්, MCU එක හැමෝම දන්නවානේ. අන්තිමේදී ඒක අවසන් වුනු හැටි End Game එකෙන් බලන්න ඇතිනේ. දැන්, මෙයාලාගේ උත්සාහය Sony's Spider-Man Universe (SSU) එකක් නිර්මාණය කරන්න. මේක ඇත්තටම Spider Man චිත්‍රපටි මාලාවේ ඉදිරි දැක්මක්. මේ වෙනකොට Spider Man චිත්‍රපටි තුනක් නිර්මාණය වුනා, Sony ආයතනය සමඟින්. මේ එතකොට ඒ චිත්‍රපටි මාලාවේ හතරවෙනි චිත්‍රපටිය.


මේ චිත්‍රපටි‌ය ඇත්තටම සුපිරි වීරවරියන් කීපදෙනෙක්, SSU එකට හඳුන්වාදෙන චිත්‍රපටියක්. ඉදිරියේදී Spider Women අපිට දකින්න ලැබේවි. මේ ඒකට ප්‍රේක්ෂකයන් සූදානම් කිරීමක්. චිත්‍රපටිය ගැන බොහෝ දෙනා දක්වන්නේ ඍණාත්මක අදහස්. ඒත්, මේ චිත්‍රපටිය, චරිත හඳුන්වාදෙන්න හදපු එකක් විදියට බලන්න, එතකොට ඒක එච්චරටම නරක නෑ කියලා තේරේවි.


කැසැන්ඩ්‍රා වෙබ් කියන්නේ ගිලන් රථ රියදුරුවරියක්. ඇයගේ රැකියාව නිරන්තරයෙන් හදිසි අවස්ථා එක්ක කටයුතු කිරීම. එක දවසක සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ, ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ, ඇමසන් වනාන්තරයේ සිදුකරන මකුළු ගවේෂණයක් සමඟින්. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් චිත්‍රපටිය අතරතුරදී. මේකේදී මම කලින් කිව්වා වගේ, සුපිරි වීර චරිත කීපයක් සිනමා විශ්වයට හඳුන්වාදෙනවා. ඒ සමහර චරිත අපි හිතන ඒවා නෙමෙයි, අපි හිතන විදියේ ඒවාත් නෙමෙයි, මුල ටික බලාගෙන යනකොට, අපි පෙරනිමිති කියන විදියේ අයත් නෙමෙයි. ඔයාලාත් බලන්නකෝ.


Madame Web චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ S. J. Clarkson විසින්. මේ ඇයගේ පළවෙනි Marvels චිත්‍රපටිය. Sony Pictures Releasing මඟින් බෙදාහැරීමේ කටයුතු සිදුකරපු චිත්‍රපටියක්. රඟපෑමෙන් දායක වෙනවා, Dakota Johnson (කැසී), Sydney Sweeney (ජූලියා), Isabela Merced (අන්‍යා), Celeste O'Connor (මැටී), Tahar Rahim (එසකයිල්) ඇතුළු පිරිසක්.


එහෙනම්, හැමෝම මේ චිත්‍රපටිය රස විඳින්න, මේ සිංහල උපසිරැසියත් එක්ක. හැමදාම කියනවා ව‌ගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page