top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

May (2002) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

May (2002) පරණ වුනාට තාමත් හොඳ මට්ටමේ තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙනවා දෙයක්. මේක වැඩියෙන්ම සුදුසු වැඩිහිටියන්ට. මේකේ කිසිම නිරුවත් දර්ශණයක් නෑ. කතාවේ කුණුහරුප ගොඩාක් නෑ. ඒත්, මේකෙ සංස්කෘතිය, සමලිංගික ආශාවන්, අපේ රටට කොයිතරම් ගැලපෙනවාද කියලා හිතන්න වෙනවා. ඒ නිසා තමයි වැඩිහිටියන්ට බලන්න කිව්වේ.


මේ චිත්‍රපටිය ඇමරිකාවේ නිෂ්පාදනය වෙන්නේ, ඒ කාලේ තියෙන රැල්ලක් එක්ක. හැබැයි ඒ රැල්ලේ වෙනස්ම කතා තේමාවක් අරගෙන එන්න මේකට පුළුවන් වුනා. කතාව ලියලා අධ්‍යක්ෂණය කලේ Lucky McKee. අපේ ප්‍රධාන නිලිය Angela Bettis රඟපාන්නේ අතිශය අමාරු චරිතයක්. එයා රඟපාන විදියට, ඇත්තටම එයා ඒ වගේ කෙනෙක්ද කියලා හිතෙනවා. මම දැකපු දක්ෂම රංගනයක්. ඇයට සහාය දක්වන්න Anna Faris, Jeremy Sisto සහ Nichole Hiltz ඇතුළු පිරිසක් එක්වෙනවා.


Ratings ගැනත් වචනයක් කියලාම ඉන්නම්. මේ චිත්‍රපටියට IMDB 6.6, Rotten Tomatoes 69%, Google Users 85%, Metacritic 58% කැමැත්ත පලකරලා තියෙනවා. ඒ කාලේ හැටියට සාමාන්‍ය හොඳ අගයක්.


කතාව කෙටෙියෙන් කියනවා නම්, මේක දිවෙන්නේ සමාජයට අනුවර්තනය නොවූ කෙල්ලෙක් වටා. පොඩි කාලේ තමන්ගේ එක් ඇසක් දුර්වල වීම නිසා, ඒ ඇහැ වපර වෙනවා. මේක වහගන්න, පොඩි කාලේදී ඇස් වැස්මක් පාවිච්චි කලත්, පසු කාලේදී ඇස් කාච පාවිච්චියට පෙළඹෙනවා. මේ නිසාම යාළුවෝ නැතිව තනියම ජීවත් වෙන කෙල්ල, සමාජයට එකතු වෙන්නේ කොහොමද කියලා මේ කතාවේ තියෙන්නේ. ඇයගේ ආදර ජීවිතය කොහොමද? ලිංගික ආශාවන් කොහොමද? රස්සාවත් එක්ක ඇයගේ වෙනස්කම් කොහොමද? මේවාට උත්තර තියෙන්නේ මේ චිත්‍රපටියේ.


තව දෙයක්. මේ චිත්‍රපටිය මට හොයලා දුන්නේ හෂාන් ප්‍රියදර්ශණ සහෝදරයා. ගොඩාක් ස්තූතියි මේවා හොයාලා දෙනවාට.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page