top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Mindcage (2022) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන එයාලාගේ අනුගාමිකයෝ. රසිකයෝ. ගොඩාක් වෙලාවට, ඒ දාමඝාතකයා කරපු වැඩ කොපි කරලා ඒ විදියටම මරණ කෙනෙක් දකින්න ලැබෙනවා. මේකත් එහෙම අත්අඩංගුවට අරගත්ත දාම ඝාතකයෙක් ගේ කොපිකාරයෙක් ගැන කතාවක්. කිසිම විදියකින් බලාපොරොත්තු නොවෙන විදියේ දේවල් සිද්ධ වෙන කතාවක් තමයි මේ.


කෙලි සහ ජේක් දෙදෙනා එකතු වෙලා මේ දාම ඝාතකයා‍ගේ කොපිකාරයා හොයාගන්න උත්සාහ කරනවා. හැබැයි, මෙයාලාට ඒක කරන්න කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබෙන්නේ නෑ. අනික, මේ අළුතින් සිද්ධ වෙන සියළුම ඝාතන, කලින් සිද්ධ වෙච්ච එවාට හැම අතින්ම සමානයි. ඒ නිසා මේ දෙදෙනා, හැකි හැම උත්සාහයක්ම, හැම තේරීමක්ම කරනවා, ඝාතකයා හොයාගන්න. ඒක සාර්ථක වෙයිද, කවුද මේ ඝාතකයා, කොහොමද එයා හරියටම දාම ඝාතකයාව කොපි කලේ කියන ප්‍රශ්න තමයි අපේ හිතේ තියෙන්නේ. කතාව ඉවරවෙනකල්ම මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නෑ කියලා නම් දන්නවා.




Mauro Borrelli විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, එයාගේම කතාවක් මත තමයි කරලා තියෙන්නේ. Lionsgate සමාගමෙන් බෙදාහැරීම කටයුතු කෙරුණත්, තව සමාගම් හතර පහක එකතුවකින් තමයි නිෂ්පාදනය කලේ. රඟපෑමෙන් දායක වුනා Martin Lawrence (ජේක්), Melissa Roxburgh (මේරි), John Malkovich (කලාකාරයා), Neb Chupin (දොස්තර ලොෂ්ච්) ඇතුළු පිරිසක්.


වැඩිය ප්‍රෙක්‍ෂකයන් අතරට නොගියපු, හැබැයි වෙනස් විදියකට නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් නිසා මේක දිගටම බලන්න. මේ සිංහල උපසිරැසිය පාවිච්චියෙන් තව හොඳට චිත්‍රපටිය රස විඳින්න පුළුවන් කියලා හිතනවා. ඔයාලාත් මේක බලලා, අදහස් උදහස්, ගල් මල්, හොඳ නරක, යෝජනා චෝදනා අපිට කියන්න. අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න, ඒවා උදව්වේවි.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page