Oxygen (2021) සිංහල උපසිරැසි

Oxygen (2021) මේ අවුරුද්දේ මැයි මාසේ නිෂ්පාදනය කෙරුණු තවත් ලස්සන විද්‍යා පබන්ධ චිත්‍රපටියක්. ගොඩාක් විද්‍යා ප්‍රබන්ධ වල වගේ මේකේ අමුතු සත්තු එහෙම නෑ. හැබැයි මේක අමුතුම තේමාවක් යටතේ නිර්මාණය වෙලා තියෙනවා. මුලින් නොතේරුණත්, චිත්‍රපටිය බලාගෙන යනකොට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා තිර රචනය සහ කතාව ලියපු කෙනා ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා කියන්න පුළුවන්. මේ ලිපිය ලියනකොට මේ චිත්‍රපටිය වෙබ් අඩව වලින් අරගෙන තිබ්බ ප්‍රතිචාරය IMDB 6.5, RottenTomatoes 89%, Metacritic 67%, Google Users 70% වගේ වුනා.
Alexandre Aja විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඇත්තටම ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වෙච්ච එකක්. කතාව ලියලා තියෙන්නේ Christie LeBlanc කියන ජනප්‍රිය ලේඛිකාව. මීට කලින් නවකතා සහ රූපවාහිණි කතා මාලා වල කොටස් කිහිපයක් ලියලා තිබ්බත්, මේ ඇයගේ පළවෙනි චිත්‍රපටිය. කතාව වැඩිපුරම දිවෙන්නේ එක චරිතයක් වටා. ඒ නිසා මුළු චිත්‍රපටියේම සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ නිළියගේ රඟපෑම මත. මේකට තෝරගෙන තිබ්බ Mélanie Laurent (ලිස්), චිත්‍රපටියට සහ කතාවට ඉතා හොඳ සාධාරණයක් කරලා තියෙනවා. ඇයගේ සහායට Mathieu Amalric (මීලෝ), Malik Zidi (ලියෝ), Laura Boujenah (ඇලිස්) යන අය එකවුනා. ඇත්තටම අපි රූපයෙන් දකින්නේ චරිත තුනක් විතරයි.
කතාව කෙටියෙන් කියනවා නම්, ලිස් එකපාරටම ඇහැරෙනවා, පොඩි කුටීරයක් ඇතුලේදී. ඒක අගුලු දාලා සහ පිටත කිසිවෙකුට ඇයගේ කතාව ඇහෙන්නේ නෑ කියලා ලිස් හොයාගන්නවා. ලිස්ගේ සහායට ඉන්නේ, කුටීරයේ ක්‍රියාකාරීත්වය භාරව ඉන්න පරිගණක වැඩසටහනක් (virtual assistant). ඇයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, කුටීරය ඇතුලේ ඔක්ෂිජන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවීම. ලිස් කොහොමද මෙතනට ආවේ? ඇත්තටම මේ කුටීරය මොකද්ද? ඇයි ලිස්ව මේකේ හිරකලේ? කොහොමද මෙකෙන් පැනගන්නේ? මේ කරුණු වලට පිළිතුරු, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය බලලාම දැනගන්න.
චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.
චිත්‍රපටිය බාගන්න පුළුවන් මෙතනින්...
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
ගොඩක් ස්තූතියි 🙂