top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Polite Society (2023) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් විදියට කෙනෙකුට නම් කරන්න පුළුවන්. එකම එක තැනක, පිරිමි කිහිපදෙනෙකුගේ නිරුවත් පශ්චාත් භාග දර්ශණයක් තියෙනවා. ඒ ඇරෙන්න, චිතපටියේ තේමාව සහ සමහර වචන, අපේ සංස්කෘතියේ විදියට අසභ්‍යයි හෝ කුඩා දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන්. ඒ නිසා, දැනගෙන නරඹන්න.


එංගලන්තයේ ජීවත්වෙන ඉන්දියානුවන් පිරිසක් ගැන තමයි කතාව දිවෙන්නේ. රියා සහ ලීනා කියන්නේ ඒකිනෙකාට ඉතා සමීප සහෝදරියන් දෙදෙනෙක්. රියා සටන් ශිල්පය ගැන උනන්දුවක් දක්වන අතරේම, එයාගේ අක්කා ලීනා, කලා කටයුතු වලට දක්ෂකමක් දක්වනවා. මේ හැමදේම වෙනස් වෙන්නේ, ලීනාව විවාහ කරගන්න, කඩවසම් දොස්තර කෙනෙක් ඉදිරිපත්වීමත් සමඟින්. මේ විවාහය රියාට බලපාන්නේ කොහොමද? ඇත්තටම මේ දොස්තර සලීම් කොහොම කෙනෙක්ද? හදිසි විවාහයක් සඳහා මෙයාලා සූදානම්ද? මේවා දැනගන්න, චිත්‍රපටිය නරඹන්නම වෙනවා.


Nida Manzoor විසින් නිර්මාණය කරපු කතාවක් එයාම අධ්‍යක්ෂණය කරලා තමයි මේ චිත්‍රපටිය බිහිවෙන්නේ. Universal Pictures විසින් ලොව පුරා බෙදාහැරුණු මේ චිත්‍රපටිය හොඳ ආදායමක් ලබලා තියෙනවා කියලා තමයි ආරංචිය. රඟපෑමෙන් දායක වෙනවා Priya Kansara (රියා), Ritu Arya (ලීනා), Akshay Khanna (සලීම්), Nimra Bucha (රහීලා) ඇතුළු පිරිසක්.




වැඩිය ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබුණු, වෙනස්ම විදි‍‍‍හේ කතාවක් තමයි මේ චිත්‍රපටිය. IMDb 6.7, Rotten Tomatoes 90%, Google users 78% ‍‍මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එක විදියකින් හොඳ අගයන් ටිකක්.


හැමදාම කියනවා ව‍‍ගේ අපේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. මේවායේ තියෙන වැරදි අඩුපාඩු, ගුණ දොස්, හොඳ නරක, ගල් මල් අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

댓글


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page