top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Project Silence (2024) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ජන්ග්-වොන් චා කියන්නේ කොරියාවේ නීල මන්දිරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරව ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණය ළඟ ළඟම එන නිසා, ඔහුගේ අපේක්ෂකයා, ආරක්ෂක ලේකම්තුමා දිනවන්න උපරිම උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක්. එයාගේ දුව, විදේශ අධ්‍යාපනය ලබාගැනීම සඳහා පිටත් කරන්න ගුවන්තොටුපොලට යන අතරේ, ගුවන්තොටුපොල පාලමේදී අති දරුණු මීදුමකට මැදි වෙනවා. මේ මීදුම කොතරම් ඝනයිද කියනවා නම්, වාහන විශාල ප්‍රමාණයක් එකිනෙක හැප්පිලා ලොකු අනතුරකුත් වෙලා තියෙනවා.


මේ සියල්ල අතරේ, නිහඬ ව්‍යාපෘතිය නම් පර්යේෂණයක් සඳහා දායක වුණු පර්යේෂකයන් සහ අදාල පර්යේෂණයට භාජනය වූවන් ප්‍රවාහනය කරන රථයකුත් මේ පාලමට ඇතුල් වෙනවා. මේ අනතුරු ගැන කිසිම දෙයක් නොදැන එන ඒ අයටත් සිදුවන්නේ, මේ ඝණ මීදුමට ඇතුල් වෙන්න. දැන් මොකද වෙන්නේ? මේ මීදුම සහ නිහඬ ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් තියෙනවාද? මේ නිහඬ ව්‍යාපෘතිය මොන වගේ එකක්ද? මේවා තියෙන්නේ චිත්‍රපටිය අතරේ.


Kim Tae-gon අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය CJ ENM ආයතනය විසින් බෙදාහැරුණා. රඟපෑමෙන් දායක වුනා Lee Sun-kyun (ජන්ග්-වොන් චා), Ju Ji-hoon (ආපදා වාහන රියදුරු), Kim Hee-won (පර්යේෂක ආචාර්යතුමා), Kim Su-an (ක්‍යුන්ග්-මින්) ඇතුළු පිරිසක්.


මේ චිත්‍රපටියේ web raings ගැනත් බලමු. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.6, Roten Tomaoes 46%, Google Users 92% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.


එහෙනම්, හැමෝම එකතු වෙලා මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රස විඳිමු. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මුල්, යෝජනා චෝදනා අපිට කියන්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page