top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Ruby Gillman: Teenage Kraken (2023) සිංහල උපසිරැසි


රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.


මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.




Animation movies වලට කැමති හැමෝම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. ලස්සනයි. චිත්‍රපටිය රසවිඳින්න මේ සිංහල උපසිරැසිය උදව්වක් වේවි කියලා හිතනවා. හැමදාම කියනවා වගේ, මේ සිංහල උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, අපිට කියන්න. ඒවා උදව්වෙන් අපිට පුළුවන් තවත් ලස්සනට සිංහල උපසිරැසි හදන්න. එහෙනම්, හැමෝම චිත්‍රපටිය රසවිඳින්න.


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.




Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.


උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙනවා. වෙන කොහේවත් නෑ.


මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් quality, direct link තියෙන තැනක්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!




Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page